ඇඳිරි නීතියට කොටුවුනු හැටන් ජනයාට වතුර නෑ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස 4 ක් තිස්සේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ වතුකර ජනතාව ඇතුළු ප්‍රදේශවාසින් උග්‍ර පානිය ජල ගැටළුවකට මැදි වි සිටියි.
හැටන් පොලිස් වසමට අයත් කුඩාගම , හැටන් දික්ඔය දරවල ප්‍රදේශය අවට තේ වතුවල පදිංචි වතු කම්කරුවන්ට මෙම ගැටලුව දැඩිව බලපා තිබෙනවා.
මෙතෙක් ඔවුන් ජලය ලබා ගත් ජල මූලාශ්‍ර සිඳී යාම නිසා පානිය ජලය සොයා තේ වතු හරහා විශාල දුරක් යාමට සිදු වි ඇති බවත්, එසේ ලබා ගන්නා ජලයද පිරිසිදු ජලය නොවන බවත් පිඩාවට පත් ජනතාව පවසනවා.
පවතින ඇඳිරි නිතිය හමුවේ ජලය ලබා ගැනිමට විකල්පයක් නොමැති බව පවසන පිඩාවට පත් ජනතාව හැටන් ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවාවන් සපයන ස්වේච්ඡා සංවිධාන ඇතුළු ආයතන කිහිපයකින් කළ ඉල්ලිමක් මත ලොරි රථ මගින් ඔවුන් පදිංචි ස්ථාන වෙතම ගොස් පානිය ජලය බෙදා හැරිමේ වැඩසටහනක් අද (29) දියත් කරනු ලැබුවා.
පවතින දැඩි නියගය අවසන් වන තෙක් මෙලෙස දිනපතා තමන්ට පානිය ජලය ලබා දිමේ වැඩසටහනක් දියත් කරන ලෙසයි පිඩාවට පත් ජනතාව ඉල්ලා සිටිනවා.
