ඇඳිරිනීතිය මැද්දේ මැණික් ගරා දඩ කයි.
රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ බළන්ගොඩ රජවක රක්ෂිතයේ මැණික් ගැරූ පුද්ගලයන් හතර දෙනෙක් සඳහා එක් අයෙකුට රැපියල් 25000 ක බැගින් රැපියල් (100,000) ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (12) දා නියෝග කළේය.
රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වීම යන චෝදනාව යටතේ සහ රක්ෂිතයේ මැණික් ගැරිම යන චෝදනාව යටතේ විත්තිකරුවන්ට නියම කළ සමස්ත සඩ මුදල රුපියල් 140000කි.
ඉකුත් අප්‍රේල් (04 ) වැනිදා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඇතුළු විත්තිකරුවන් සිවි දෙනා රජවක රක්ෂිතයේ මැණික් ගරමින් සිටියදී බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
පසුව මොවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කර එම කාලය අවසන් විමත් සමග අද (12) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කෙරිණි. තහවුරු වූ
රජවක රක්ෂිතයට හානි සිදුකිරීම යන චෝදනාව යටතේද දඩ මුදල් නියම කොට තිබුණි.