ඇඳිරිනීතිය අස්සේ හොරෙන් මැණික් ගැරූ ටියුෂන් මාස්ටර් කොටු

 ඇඳිරිනීතිය අස්සේ හොරෙන් මැණික් ගැරූ ටියුෂන් මාස්ටර් කොටු

ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ බලන්ගොඩ ඉඔුල්පේ සමනල වැව රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වි පතල් කපා මැණික් ගරමින් සිටි උපකාරක (පෞද්ගලික ) පංති පවත්වන ගුරුවරයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අද (29) සවස අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා පැවැසිය.
ඒ අතර මොවුන් පැමිණි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් සහ මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගත් බව ඒ මහතා සඳහන් කළේය. මොවුන් මීට දින තුනකට පෙර සමනල වැව රක්ෂිතයට ඇතුළු වි ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා ඇත. මොවුන් දෙදෙනා සහ මෝටර් රථය ඇතුළු උපකරණ හෙට (30) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

බලංගොඩ සම්පත් ප්‍රියනන්දන

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *