ඇඳිරිනීතිය අතරේ යාපනයට සොරු පනිති

 ඇඳිරිනීතිය අතරේ යාපනයට සොරු පනිති

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාසවලට ඇතුළු වී මුදල් සහ දේපළ කොල්ල කෑ කල්ලියක් 20 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. යාපනය පොලීසිය පවසන්නේ මේ කල්ලියට කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අයත් බවයි. ඔවුන් සන්තකයේ තිබී රත්‍රන් පවුම් දහයක් පමණ සහ උකස් කළ භාණ්ඩවල ලේඛනද හමු වී ඇත. දින කිහිපයකට ඉහත යාපනය චාවාකච්චේරි ප්‍රදේශයේ අඹුසැමි යුවලකට පහර දී කොල්ලකෑම් සිදුකිරීම සම්බන්ධයෙන් සැකය එල්ල වන්නේත් ඔවුනට බවයි පොලීසිය සඳහන් කළේ.
මනිපායි, පලෙයි සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්ගෙන් වෙනත් කොල්ලකෑම් සිදුකර ඇති දැයි යන්න පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතී.

අත්අඩංගුට පත් රන් අභරණ සහ උකස් කුවිතාන්සි

ඒ අතර ඇඳිරි නීති සමයේ වසා දමා ඇති යාපනය කොකුවිල් විද්‍යාලයේ උපකරණ තොගයක් සොරාගෙන ඇති බව විදුහල්පතිවරයා පොලීසියට පැමිණිළි කරමින් පවසා තිබේ. ඇඳිරි නීති සමයේ ආරක්ෂකයන් නොසිටීම නිසා විදුහලට ඇතුළු වූ සොරුන් එහි ළිඳට සවිකර තිබූ ජල මෝටරය සොරා ගැනීම නිසා එළඹෙන පාසල් වාරයේ දරුවන්ට ජලය සැපයීම ගැටලුවක් වන බවද විදුහල්පතිවරයා පවසා ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *