ඇත්තටම මොකද වුණේ

 ඇත්තටම මොකද වුණේ

පසුගිය වසරේ (2019) දෙසැම්බර් 31 වනදා චීන රජය විසින් ලෝක සෞඛ්‍යය සංවිධානය වෙත අසාමාන්‍ය ස්වභාවයේ අනතුරු හැඟවීමක් නිකුත් කරන ලදී. එනම් එරට මිලියන 11ක පමණ ජනගහනය ක් වාසය කරන වූහාන් ප්‍රදේශයේ පැතිර යන වසංගතයක් පිළිබඳවයි. නමුත් ඒ වන විට වෛරසය හඳුනාගෙන තිබුණේ නැත.

එම වෛරසය ආසාදිතයින් සැලකිය යුතු ප්‍රමාණයක් වූහාන් හි පිහිටි මත්ස්‍ය තොග වෙළඳ සැල් ආශ්‍රිතව වාර්තා විය. එබැවින් ජනවාරි 1 වනදා එය වසා දැමීමට කටයුතු යෙදිණි.

වූහාන් හී මත්ස්‍ය වෙළඳපොලෙහි විවිධ වනසතුන්ද මස් පිණිස අලෙවි වූ බව වාර්තා විය



ජනවාරි 5 වනදා වන විට එරට ආසාදිතයින් සංඛ්‍යාව හතළිහක් පමණ වර්ධනය වූයේ එරට සෞඛ්‍යය බලධාරීන් වෛරසය හඳුනා ගැනීමට උත්සාහ දරන අතරතුරේය.

මෙම වෛරසය 2002 – 2003 කාලසීමාවේදී ලොව පුරා මිනිසුන් 770 කට පමන මරණය අත් කර දුන් සාර්ස් ( SARS – Severe Acute Respiratory Syndrome ) හි නැවත පිබිදීමක් ලෙස චීන බලධාරීන් විශ්වාස කළහ.

2020 ජනවාරි 6 සිට 12 දක්වා

ලෝක සෞඛ්‍යය සංවිධානයේ මතයන්ට අනුව අලුත් වෛරසය හඳුනා ගැනුණු අතර එයට 2019 – nCov යනුවෙන් නම් තැබිණි. මෙය සාර්ස් සහ සාමාන්‍ය උණද අයත් වන කොරෝනා වෛරස පවුලට අයිති යැයි ද හඳුනා ගන්නා ලදී.

ජනවාරි 11 වනදා වෛරසය හේතුවෙන් සිය රට තුළ සිදු වූ ප්‍රථම මරණය චීනය විසින් නිවේදනය කරන ලදී. මිය ගිය පුද්ගලයාට වයස අවුරුදු 61 ක් වූ අතර ඔහු වූහාන් හි මත්ස්‍ය වෙළඳ පොලෙන් මිලදී ගැනීම් කර තිබුණු බව අනාවරණය විය.

රෝහලේදී ලබා දුන් ප්‍රතිකාර වලින් ඔහුට සුවයක් නොවූ අතර හදවතේ ක්‍රියාකාරීත්වය නැවතීම නිසා ජනවාරි 9 වනදා ජීවිතක්ෂයට පත් විය.

වෛරසයේ රූපාකාරය.

2020 ජනවාරි 17

වූහාන් හි දෙවන කොරෝනා ආසාදිත මරණය වාර්තා වූ අතර ඇමරිකානු ගුවන් තොටුපළ තුනක් වූහාන් සිට පැමිණෙන මගීන්ව විශේෂ පරීක්ෂාවකට ලක් කොට රට තුළට ගැනීමට පියවර ගැනුණි.

ඇමරිකාව, නේපාලය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, මලයාසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, වියට්නාමය, හා තායිවානය වැනි රටවල් වලින්ද ආසාදිතයින් වාර්තා වන්නට විය.

නිරෝෂා සුමුදුනී ගාල්ලගේ

මතු සම්බන්ධයි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *