ඇත්තටම මොකද වුණේ 11

මැයි 8

නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් අප්‍රිකාව තුළ කොවිඩ් මරණ 83000 සිට 190000 දක්වා ද ආසාදිතයින් මිලියන 29 සිට 44 දක්වාද වර්ධනය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මැයි 10

කොරියාව සිය වැඩිම එක් දින කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීම 34ක් ලෙස වාර්තා කළ අතර චීනයේද නැවතත් ආසාදිතයින් වාර්තා වන්නට පටන් ගත්තේය.

මැයි 11

වාර්තාගත ලෙස අඩුවන තෙල් මිල ගණන් නිසා නිරන්තර ආර්ථික පසු බෑමකට මුහුණ දෙමින් සිටින සෞදි අරාබියාව එකතු කළ අගය මත පැනවෙන බදු සියයට 5 සිට 15 දක්වා වැඩි කිරීමටත්, පුරවැසියන්ට මාසිකව ගෙවන දීමනාව අත්හිටුවීමටත්  සිදු වෙතැයි පවසයි.

සෞදි තෙල් කර්මාන්තයේ ලාභ පහත වැටෙමින් තිබේ

මැයි 14

මෙම කොරෝනා වෛරස ව්‍යාප්තිය ලෝක ආර්ථිකය ඉතා අවදානම් ලෙස 3.2% කින් පමණ පහතට ඇද දමනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙය 1930 දී ඇති වූ මහා ආර්ථික අවපාතයට පසුව ඇතිවන විශාලම ආර්ථික පසු බෑම වනු ඇති. මිලියන 34.3ක් පමණ වන ජනතාවක් දිළිඳු බවේ අඩියටම වැටෙනු ඇතැයි අනුමාන කෙරෙන අතර මෙයින් වැඩි ප්‍රමාණයක් අප්‍රිකාවෙන් වාර්තා වනු ඇත.

මැයි 15

දකුණු බංගලාදේශයේ සරණාගත කඳවුරුවල සිටින රෝගින්‍යා සරණාගතයින් අතරින් ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි.

මැයි 16

ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින් චීනයද අභිබවමින් 85940ක් ලෙසද මරණ සංඛ්‍යාව 2752 ක් ලෙසද වාර්තා විය. මහාරාශ්ට්‍රයේ 29,100 ක් ද, තමිල්නාඩුවේ 10,108 ක්ද, ගුජරාටයේ 9,931 ද, නව දිල්ලියේ 8,895ක් ද ලෙසින් එය වාර්තා විය.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා වර්තමාන ඇමරිකානු පාලනයේ කොරෝනා වෛරස පාලනය විවේචනය කළේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අමතමින් සිදු කළ මාර්ගගත ආරම්භක දේශනයකදී ඔහු පවසා සිටියේ නිළධාරීන් අවම වශයෙන් සිය කාර්යභාරයවත් නිසි ලෙස නොදන්නා බවයි.

ඉන්දියාව තවත් සති දෙකකට වසා දැමුණි.

නිරෝෂා සුමුදුනී ගාල්ලගේ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *