ඇත්තටම මොකද වුණේ 10

අප්‍රේල් 27
ඕස්ට්‍රේලියාව, ඉරානය, නවසීලන්තය හා ස්පාඤ්ඤය ඇතුළු ලොව වටා රටවල් කිහිපයක්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා වසා දමා තිබූ සිය රටවල්වල දෛනික ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අඩු වීම නිසා පනවා තිබූ දැඩි නීති ලිහිල් කිරීමට පියවර ගත්තේය.

මේ අතර ඉතාලියද මාස දෙකක් තිස්සේ එරටට පනවා තිබූ දැඩි නීති රෙගුලාසි මැයි මස හතර වෙනිදා සිට ලිහිල් කරන්නට තීරණය කර ඇතැයි ප්‍රකාශ කළේය.
මේවන විට ලොව පුරා වෛරසය ආසාදනය වූවන්ගේ ගණන මිලියන තුන ඉක්මවද්දී මරණ සංඛ්‍යාව 209,000 ක් වූ අතර සුව වූවන්ගේ ගණන 885,000ක් විය.
අප්‍රේල් 28
ඕස්ට්‍රේලියාවේ ජනගහනය අධිකම ප්‍රදේශය වන නිව් සවුත් වේල්සය එහි බොන්දි වෙරල තීරය සහ තවත් වෙරළ තීර දෙකක් ජනතාවට විවෘත කරන ලදී.

අප්‍රේල් 29
ජූනි මස මුල ආරම්භ වීමට නියමිත ගිම්හාන නිවාඩු වාරයට පෙර දරුවන්ට මැයි මස 14 වෙනිදා සිට සති දෙකක් වැනි සුළු කාල සීමාවකට පාසල් විවෘත කරන බව ෆින්ලන්තය නිවේදනය කර සිටියේය.

අප්‍රේල් 30
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතු කොට ගෙන රැකියා අහිමි වී රජයේ දීමනා සඳහා ඉල්ලුම් කල එක්සත් ජනපද වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 30 ඉක්මවීය.

මේ අතර යුරෝපයේ ආරථිකය 3.8% කින් පහත වැටී තිබුණු අතර 1995 න් පසු සිදුවූ දරුණුතම ආර්ථික කඩා වැටීම එය බවට වාර්තා විය.
නිරෝෂා සුමුදුනී ගාල්ලගේ
