ඇත්තටම මොකද වුණේ? 09

 ඇත්තටම මොකද වුණේ? 09

අප්‍රේල් 13 සිට 19 දක්වා සතිය

අප්‍රේල් 14 වෙනිදා ඉන්දියාව මැයි තුන් වනදා දක්වාද, ප්‍රංශය මැයි එකොළොස් වෙනිදා දක්වාද සම්පූර්ණයෙන් වසා දැමුණු අතර, මාසයකට වඩා වැඩි කාලයකින් පසුව ප්‍රථම වතාවට තායිවානයෙන් කිසිදු රෝගියෙකු වාර්තා නොවිණි.

අප්‍රේල් 5 වන්දා වන විට ලෝකය පුරා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ගොස් තිබුණි.

ලෝක මූල්‍ය අරමුදල පෙන්වා දෙන අන්දමට මෙමෙ වසරේ ලොව පුරා ඇති විය හැකි ආර්ථික අවපාතය 1930 සිදු වූ මහා ආර්ථික අවපාතයට පමනක් දෙවෙනි විය හැකි බව පැවසෙයි.

සමස්ත ලෝකයටම ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවනු ඇත.

අප්‍රේල් 17

සවුදි පුවත්පත් වාර්තා කරන අන්දමට සවුදි අරාබියාවේ ආධ්‍යාත්මික නායක විසින් රාමදාන් කාලයට අදාල ඔවුන්ගේ ආගමික වතාවත් සිය නිවෙස් වලම සිට පවත්වන ලෙසට දන්වා ඇත.

අප්‍රේල් 19 වන විට තුර්කියේ ආසාදිතයන් ගණන 86,306 ක් වෙමින් ඉරානය අභිබවා ගියේය. 

අප්‍රේල් 20 - 26 දක්වා සතිය

අප්‍රේල් 21
තමන් ඇමරිකා එකසත් ජනපදය කරා වන සංක්‍රමන තාවකාලිකව නවතා දමන නියෝගයකට අත්සන් තබන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරන ලදී.

මේ අතර එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුව අනතුරු අඟවමින් කියා සිටියේ දේශ සීමා අවහිර කිරීමත් සමග ආහාර හිඟය නිසා දැනටමත් පීඩා විඳින පිරිස දෙගුණයකින් පමණ (මිලියන 265) වර්ධනය විය හැකි බවයි.

ආහාර ස්වල්පයක් වෙනුවෙන් ආයාචනා කරන පිරිස දෙගුණයක් වනු ඇත.

අප්‍රේල් 22
මේ අතර ලෝක කාලගුණික සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ලෝකය පුරා කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සියයට හයකින් පමණ පහත බැස ඇති බවට ප්‍රකාශ කළේය.

අප්‍රේල් 25
ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අහිමි වීම හේතුවෙන් රජයෙන් ලබාදෙන සහන සඳහා ඉල්ලුම් කල ප්‍රමාණය මිලියන 26ක් පමණ විය.

මේ අතර ලෝකය පුරා කොවිඩ් – 19 ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගියේය.

සුවපත් වූ කොවිඩ් ආසාදිතයන් සඳහා ලබා දෙන ප්‍රතිශක්තීකරණ සහතිකය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා ඇත. ඔවුන් පවසන්නේ වෛරසය ආසාදනය වී සුව වූවන් නැවතත් රෝග වාහකයින් බවට පත්නොවන බවට විද්‍යාත්මක සහතිකයක් නිකුත් කළ නොහැකි බවයි.

අප්‍රේල් 26
කොවිඩ් – 19 වෛරසයේ උපන් බිම වූ චීනයේ වූහාන් නගරයේ රෝහල් වලින් අවසන් කොරෝනා ආසාදිතව පසුව සු වූ පුද්ගලයාත් නික්ම ගියබව වාර්තා විය.

මෙවර ඔවුන්ගේ ප්‍රීතිය නිවසට සීමා වනු ඇත.

මක්කම ඇතුළු අසල්වැසි ප්‍රදේශ කිහිපයක් පමණක් විසිහතර පැයේ ඇඳිරි නීතියට යටත් කොට අනෙකුත් ප්‍රදේශ අර්ධ වශයෙන් විවෘත කිරීමට සවුදි රජය පියවර ගන්නා ලදී.  

නිරෝෂා සුමුදුනී ගාල්ලගේ

සංස්කාරක

Related post

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *