ඇත්තටම මොකද වුණේ 08

අප්‍රේල් 6 - 12 දක්වා සතිය
අප්‍රේල් 6
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලදී. අප්‍රේල් නව (9) වැනිදා ඔහුව දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කල අතර අප්‍රේල් 12 වෙනිදා රෝහලෙන් නික්ම ගියේය.

අප්‍රේල් 7
ජපානය වෛරසයේ ව්‍යාප්තියත් සමගම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කල අතර සිංගප්පූරුව අර්ධ වශයෙන් වසා දැමුණි.

අප්‍රේල් 8
කොවිඩ් -19 වෛරසයේ පිබිදීමත් සමග වසා දැමුණු වූහාන් නගරයේ වැසියන්ට දින 76 කට පසු සිය නිවෙස් වලින් එලියට පැමිණීමට අවසර හිමිවිය. මේ අතර සිංගප්පූරුවේ පාසල් ළමුන්ට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ සිදු කල අධ්‍යාපන කටයුතු නවතා දමන්නට සිදු වූයේ හැකර්වරුන් විසින් ළමයින්ට අසභ්‍ය දර්ශන දැකීමට සැලැස්වීමත් සමගය.
බ්‍රිතාන්‍ය ඔවුන්ගේ එක් දිනක ඉහළම මරණ සංඛ්‍යාව 980 ක් ලෙස වාර්තා කළේය.
අප්‍රේල් 11
ඇමරිකාව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව වූ 19,468 අභිබවා යමින් සිය සමස්ත මරණ සංඛ්‍යාව 20,071 ලෙස වාර්තා කළේය.

නිරෝෂා සුමුදුනී ගාල්ලගේ