ඇත්තටම මොකද වුණේ 07

 ඇත්තටම මොකද වුණේ 07

මාර්තු 30 - අප්‍රේල් 5 දක්වා සතිය

මාර්තු 31 වන විට ඇමරිකාව කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අතින් වෛරසයේ උපන් බිම වූ චීනය අභිබවා ගියේය. මේ සතිය අවසානය වන විට ඇමරිකාවේ වෛරසය ආසාදිතයින් 300,000 ඉක්මවූ අතර ඔවුන් අතරින් 4000 ක් මරණයට පත් විය.

ඇමරිකාවද මෑත ඉතිහාසයේ බිහිසුණුම ව්‍යසනයට මුහුණ දුන්නේය

අප්‍රේල් 01
ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය පසුකරද්දී සමස්ත මරණ සංඛ්‍යාව 50000 ක් විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටාරෙස් මෙම කොරෝනා වෛරස ව්‍යසනය දෙවන ලෝක යුද්ධයට පසු ලොව ඇතිවූ භයානකම ව්‍යසනය බවට ප්‍රකාශ කළේය .

අප්‍රේල් 03
ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් මැදපෙරදිග රට වලට වෛරසය වේගයෙන් පැතිරී යාමේ හැකියාව ගැන අනතුරු ඇඟවීය. මේ වන විට එම කලාපයේ ආසාදිතයින් ගණන 60000 ඉක්මවා තිබුණි.

ඉරානය මැදපෙරදිග ගොදුරුබිම විය

අප්‍රේල් 05
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොවිඩ් -19 ආසාදිත බව තහවුරු වූ අතර රෝහල් ගත කෙරිණි.

මැද පෙරදිග කොරෝනා වෛරසයේ බලපෑමට වඩාත්ම ලක් වූ රට වූ ඉරානය අප්‍රේල් පස් වන දා මරණ 3603 ක් වාර්තා කලේ ආසාදිතයින් 58226 ක් අතරිනි.
එරට ජනාධිපති හසන් රුහානි ප්‍රකාශ කලේ අප්‍රේල් 11 වන දා සිට සරල ආර්ථික ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දෙන බවය.

නිරෝෂා සුමුදුනී ගාල්ලගේ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *