ඇත්තටම මොකද වුණේ 06

මාර්තු 16- 22 සතිය
මාර්තු 18
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් රට තුළ මානව ජීව ආරක්ෂණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.

මේ අතර පැසිෆික් සාගරයේ අනෙක් අන්තයේ වූ චිලී සහ ග්වාතමාලාව යන රටවල් සිය දේශසීමාවන් ආවරණය කර දැමූවෙ වෛරසය පැතිරී යාම වළක්වාලීමේ අදහසිනි.

චීනයෙන් වෛරසය පැතිරීම ආරම්භ වූ දිනයෙන් පසුව ප්‍රථම වරට කිසිදු ආසාදිතයෙක් මෙදින තුළ වාර්තා නොවීය.
මාර්තු 20
තුර්කියෙන් සහ පාකිස්ථානයෙන් නව ආසාදිතයන් වාර්තා විය. ඉරානයේ මෙදින වන විට මුලු ආසාදිතයින් ගණන 14991 වූ අතර මරණ 853 ක් විය.
මාර්තු 21 වන විට යුරෝපය වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වී තිබූ අතර ගාසා තීරයෙන් ප්‍රථම වෛරස ආසාදිතයින් දෙදෙනා වාර්තා විය.
මාර්තු 23 - 29 සතිය
මාර්තු 25
ඇමරිකා එක්සත් ජනපදය ධවල මන්දිරය සහ සෙනේට් සභිකයන් ගේ එකඟතාවයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන දෙකක් මුදා හැරියේ වෛරසය හේතුවෙන් අගතියට පත් කම්කරුවන්, ව්‍යාපාරිකයන් සහ සෞඛ්‍ය අංශ වල සුබසාධනය උදෙසාය. මේ අතර ඇමරිකාව ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 124000 ලෙස වාර්තා කළේය. එය දින දෙකකට කලින් වාර්තා වූ ආසාදිතයන් ගේ දෙගුණයක වැඩි වීමකි.

මාර්තු 27
එදින වනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600,000 ක් වූ අතර මරණ සංඛ්‍යාව 27000 ක් විය. මේ අතර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් සම්පූර්ණයෙන්ම වසා දැමිණි.
කෙන්යාව, කසකස්තානය සහ හොන්ඩුරාස් යන රටවලින් ඒවායේ මුල්ම ආසාදිතයන් වාර්තා විය.
මාර්තු 29 වන දින ස්පාඤ්ඤය පැය 24 ක් ඇතුළත එහි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව 838ක් ලෙස වාර්තා කළේය. මේ අගය දෙවෙනි වූයේ ඉතාලියේ එදින දෛනික මරණ සංඛ්‍යාවට පමණි. එය 889 ක් විය.