ඇත්තටම මොකද වුණේ 05

මාර්තු 2 - 8 සතිය
මාර්තු 5 වෙනිදා සවුදි අරාබියේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා විය.
මාර්තු 7 වෙනිදා චීන සෞඛ්‍ය කොමිසම මගින් 99ක් වූ නව ආසාදිතයින් ගැන වාර්තා කරන ලදී. ඔවුනුත් සමග මුලු ආසාදිතයින් ගණන 80651 විය. රජයේ නිල දත්ත සටහන් පෙන්වා දෙනු ලැබූයේ වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූවාට පසු ගෙවුණු මාස දෙක තුළ චීනයේ අපනයන 17.2% කින් පහත වැටී ඇති බවයි. මේ තත්ත්වය රට හුන් තැනම නතර වූවාට සමාන විය.
මාර්තු 9 වන විට සවුදි රජය විසින් එරට සියලු පාසල් හා විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කෙරුණි.

ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රාන්තය හා තවත් ප්‍රදේශ 14 ක් දැඩි නිරෝධායනය නීති වලට යටත්ව වසා දැමිණි.
මාර්තු 9 - 15 දක්වා සතිය.
මාර්තු 9 වනදා කොරෝනා වෛරසය ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ඉරානයේ සිරකරුවන් 70000 ක් නිදහස් කරනු ලැබීය.

මාර්තු 10
ලෙබනනයෙන් සහ මොරොක්කෝවෙන් ප්‍රථම කොරෝනා මරණ වාර්තා විය.
මාර්තු 11
තුර්කිය, හොන්ඩුරාස්, අයිවරි කෝස්ට්, බොලිවියා, කොංගෝ, පැනමා, සහ මොන්ගෝලියාව සිය ප්‍රථම කොරෝනා ආසාදිතයින් වාර්තා කරමින් වෛරසයට ගොදුරු වූ රටවල් අතරට එක් විය.
කටාර්හි ආසාදිතයින් සංඛ්‍යාව එක දිනක් තුළ 24 සිට 262 දක්වා සීග්‍රයෙන් වැඩි විය.

මේ අතර ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් කොරෝනා වෛරසය ලෝක ව්‍යසන තත්ත්වය ක් (pandemic )ලෙස නම් කරන ලදී .
නිරෝෂා සුමුදුනී ගාල්ලගේ