ඇත්තටම මොකද වුණේ 04

 ඇත්තටම මොකද වුණේ 04

පෙබරවාරි 24 - මාර්තු 01 දක්වා සතිය

මේ සතිය තුළ කොරෝනා ආසාදිතයින් පිළිබඳ ස්ථිර වාර්තා පහත සඳහන් රටවලින් වාර්තා විය.

කුවේට්, බහරේන්, ඉරාකය, ඕමාන්, කටාර්, නෝර්වේ, රුමේනියා,ග්‍රීසිය, ජෝර්ජියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, උතුරු මැසිඩෝනියාව, බ්‍රසීලය, එස්ටෝනියාව, ඩෙන්මාර්කය, උතුරු අයර්ලන්තය, නෙදර්ලන්තය, ලිතුවේනියාව, වේල්සය.

ඕමානය වැනි ගල්ෆ් කලාපීය රටවල්ද අවධානමට මුහුණ දෙයි

පෙබරවාරි 25 වන දින ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් තමා කොවිඩ් – 19 වෛරස ආසාදනයට ලක්ව ඇති බව ප්‍රකාශ කලේය. ඒ වනවිට එරට මුළු ආසාදිතයින් ගණන 95 ක් වූ අතර වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ගණන 15 ක් විය.

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාද වෛරසයට ගොදුරු විය


පෙබරවාරි 27 වන විට ලොව පුරා කොවිඩ් -19 ආසාදිතයින් 82,000 ඉක්මවා තිබූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 2800 ක් විය.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාට අනුව ආරක්ෂක නිෂ්පාදන පනත යටතේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ෆ් හට ජාතික ආරක්ෂාව උදෙසා වූ නිෂ්පාදන සඳහා අණ දීමට අනුමැතිය සැපයුණි.

ඇමරිකාව වඩා ශක්තිමත් කරන්නට ආ ට්‍රම්ෆ් මෑත ඉතිහාසයේ බරපතලම අභියෝගයට මුහුණ දෙන ජනාධිපතිවරයා ය.

ඒ වන විට එරට මුළු ආසාදිතයින් ගණන 95 ක් වූ අතර වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ගණන 15 ක් විය.

පෙබරවාරි 27 වන විට ලොව පුරා කොවිඩ් -19 ආසාදිතයින් 82,000 ඉක්මවා තිබූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 2800 ක් විය.

නිරෝෂා සුමුදුනී ගාල්ලගේ

සංස්කාරක

Related post

1 Comment

  • මිනිස්සු මුහුණ දී සිටින දැවැන්තම ඛේදවාචකය..
    පෙර සූදානම, වගකීම් සහගත බව ආරාක්ෂාකාරී ම පියවර..
    එසේ නොවුණ තැන ජීවිත අරගලයෙන් පැරදුණ මිනිස්සු වැළලුණා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *