ඇත්තටම මොකද වුණේ 03

පෙබරවාරි මාසයේ දහ වැනිදා වන විට චීනයේ කොරෝනා මරණ 908 ක් සහ ආසාදිතයින් 40,171 වාර්තා විය. චීන ජනාධිපතිවරයා වෛරසය පැතිරීම ආරම්භ වූවාට පසු ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර බීජිං අගනුවර රෝහල් වලට ගොස් වෛරසය ආසාදිතයින් ගැන සොයා බලනු දැකගන්නට හැකි විය. ඒ අතර වෛරසයට එරෙහිව සටන් කිරීමට තමා සූදානම් බවද ප්‍රකාශ කරන ලදී.
පෙබරවාරි 11 මෙතෙක් කල් නව කොරෝනා වෛරසය නමින් හඳුනාගත් වෛරසය කොවිඩ් – 19 ලෙස නම් කරන බව ලෝක සෞඛ්‍යය සංවිධානය නිවේදනය කරන ලදී.
පෙබරවාරි 13 ජපානය වෛරසය හේතුවෙන් සිදු වූ සිය ප්‍රථම මරණය වාර්තා කරයි.
පෙබරවාරි 14 අප්‍රිකානු මහාද්වීපයේ වෛරසය ආසාදනය වීමේ ප්‍රථම පුවත ඊජිප්තුවෙන් අසන්නට ලැබුණු අතර යුරෝපා මහාද්වීපයේ ප්‍රථම ආසාදිත මරණය ප්‍රංශයෙන් වාර්තා විය.
පෙබරවාරි 16 තායිවානය සිය ප්‍රථම කොවිඩ් මරණය වාර්තා කරයි.

2020 පෙබරවාරි 17 - 23 දක්වා සතිය
පෙබරවාරි 19 වන දින ඉරානය සිය ප්‍රථම කොවිඩ් – 19 ආසාදිතයින් දෙදෙනා ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වන්නටත් මත්තෙන් වෛරසය හේතුවෙන් වූ ප්‍රථම මරණ දෙක වාර්තා කලේය .

පෙබරවාරි 20 වන දින දකුණු කොරියාව සිය ප්‍රථම කොවිඩ් මරණය වාර්තා කලේය.
මේ සතිය ඇතුළත චීනයේ ආසාදිත සංඛ්‍යාව 74,576 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර මරණ සංඛ්‍යාව 2118 ක් විය.
පෙබරවාරි 21 ඊශ්‍රායලය සිය ප්‍රථම වෛරස ආසාදිතයා හඳුනා ගත් අතර ඒ නෞකාවක චාරිකා කොට පැමිණි කාන්තාවක් විය.
පෙබරවාරි 23 ඉතාලියේ තෙවන කොවිඩ් මරණය වාර්තා වූ අතර වැනීසියේ සාම්ප්‍රදායික සැනකෙලිය නවතා දැමීම හා සියලු ක්‍රීඩා උත්සව පැවැත්වීම නතර කර දැමිණි.
නිරෝෂා සුමුදුනී ගාල්ලගේ