ආහාර විෂ වෙයි, දරුවන් 40ක් රෝහලේ.
ආහාර විෂ වීමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 41 දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් 30 දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇත.
අසාත්මිකතාවය , උදරයේ දැවිල්ල සහ වමනය යන රෝග ලක්ෂණ ඇතිව අද (31) දින උදැසන 9.30 ට පමණ මෙම සිසුන් පිරිස රෝහලට ඇතුලත් කළ බව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
ඉකුත් (28) දින එම පාසලේ පැවති වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවයේදි ළමුන්ට ආහාරය සදහා මාළු බනිස් ලබා දි ඇති අතර , එම මාලු බනිස් ආහාරයට ගත් ළමුන් වරින් වර මෙසේ අසනීප වු බවත්, (31) දින වන විට පාසලේ සිසුන් විශාල පිරිසක් එක්වර රෝගාතුරව ඇති බවයි ගිනිගත්හේන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිසර වීරසේකර මහතා කියා සිටියේ.
රෝහල් ගත කළ සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ක්‍රිෂාන් පේමසිරි මහතාගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පිරිසක් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇත.