ආසාධිතයින් 113, පළමු කොරෝනා මරණය වාර්තා වෙයි
මේ වනවිට දිවයිනේ වාර්තාවන කොරෝනා ආසාධිතයින් ගණන 113ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ඒ අතර කොරෝනා වෛරසයට ගොදුරු වීම නිසා අගොඩ අය.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මරණයට පත්වීම සමග මෙරටින් මුල්ම කොරෝනා මරණය වාර්තා විය. ඔහු හලාවත මාරවිල පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු බව අයි.ඩී.එච් රෝහලේ බලධාරීහු සඳහන් කරති. කෙසේවෙතත් මෙම පුද්ගලයා දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යන රෝග තත්ත්වයන්ගෙන් පෙලෙමින් සිටි සහ වකුගඩු බද්ධ කිරීමක් කර තිබූ පුද්ගලයෙකි.
මෙම තත්ත්වය යටතේ වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ වයස්ගත සහ වෙනත් රෝගාබාධවලින් පෙලෙන මෙවැනි පිරිස කොරෝනා අධි අවදානමකට ලක්විය හැකි හෙයින් ඔවුන් පිළිබඳ කාරුණිකව සිතා සෙසු පුරවැසියන් නිවෙස්වලට වී සිටිමින් තම යුතුකම ඉටුකිරීමට වගබලා ගත යුතු බවයි.