ආරියවතී වැඩ අරඹයි අනතුර වාර්තා කිරීමට ගිය කන්තලේ මාධ්‍යවෙිදියාට මරණ තර්ජන.

 ආරියවතී වැඩ අරඹයි අනතුර වාර්තා කිරීමට ගිය කන්තලේ මාධ්‍යවෙිදියාට මරණ තර්ජන.

හොරට බස් දුවන කතන්දර හෙළිවේ දැයි බිය වුණාද?

පොලීසියටත් තර්ජන. මේ කාගේ බලයක්ද? ජනතාව අසති.

ත්‍රිකුණාමලය, කන්තලේ, මාධ්‍යවේදී ඩබ්ලියු.ජි.රොෂාන් කුමාර මහතා ඊයේ  පෙබරවාරි 4 දින අළුයම හයට පමණ කන්තලේ 87 වංගුවේ සිදුවු බස් රථ අනතුරක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදි සිය රාජකාරිය ඉටු කිරීමට නොදි  අවහිර කිරීම් හා තර්ජන සිදුකර ඇත්තේ පළාතේ දේශපාලනඥයකු වන ආරියවතී ගලප්පතිගේ පුත්‍රයා බව වාර්තා වේ.  ඇය නැගෙනහිර පළාත් සභාවේ සභාපතිධූරය මෙන්ම මහාමාර්ග සහ වාරිමාර්ග ඇමතිධූරයද හෙබවූ අතර වර්ථමානයේ ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ය.

ආරියවතී ගලප්පත්ති

අප වෙත වාර්තා වන අන්දමට අනතුරට ලක්ව ඇත්තේ කොළඔ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය කරන ලද ඇයට හිමි පෞද්ගලික බස් රථයකි. ඒ කන්තලේ 87 වංගුවේදීය. එම සිද්ධිය වාර්තා කිරීමට පැමිණි  මාධ්‍යවේදී ඩබ්ලියු  ජි.රොෂාන් කුමාර මහතාට බස්රථයේ හිමිකාරිය වන ආරියවතී ගලප්පත්තිගේ  පුත්‍රයා හා ඔහුගේ ආධාරකරුවන් විසින් තර්ජනය කරමින් සිද්ධිය වාර්තා කිරීම අවහිර කොට ඇත. ඒ ත්‍රිකුණාමලයේ මාර්ගස්ථ මගී ප්‍රවාහනයේ අනීතික බව හා ඔවුන් ද ඊට සම්බන්ධ නිසා බවට තොරතුරු තිබේ. මීට පෙරද අප වාර්තා කළ අන්දමට උතුරේ සහ නැගෙනහිර බොහෝ දේශපාලනඥයෝ සතු මගී ප්‍රවාහන බස්රථ ජාතික ගමනාගමන කොමිසමේ ලියාපදිංචි කර නැත. උතුරේ විජයකලා මහේෂ්වරන්ගේ සොයුරාගේ බස්ද ලියාපදිංචි නොකර ධාවනය වේ. 
අනතුර සිදුවු ස්ථානයට රාජකාරිය පිණිස පැමිණි සිටි කන්තලේ පොලිසියේ  නිලධාරියෙකු කැඳවා මෙම අනතුර වාර්තා කරනු ලැබුවහොත් ඔහුට අත්විය හැකි ඉරණමද ඉහත කී පුද්ගලයන් විසින් සිහිපත් කළ බව වාර්තා වී තිබේ. ඒ අනුව ආරියවතී ගලප්පත්තිගේ පුත්‍රයා පොලීසියටද තර්ජනය කර තිබේ.

ආරියවතී ගලප්පත්ති බහු දින ධීවර යාත්‍රා රැසක හිමිකාරියක් බවද වාර්තා වේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *