ආපු අයයි ගියපු අයයි ගැන විස්තර

2020 පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය වූ මනාප 527364ක් ලබා ගෙන මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබූ වැඩිම මනාපලාභියාවීමේ වාර්තාව තමා සතුකරගෙන ඇත.

එමෙන්ම මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 5ක වැඩිම මනාප ලබාගෙන ඇත්තේද නවක අපේක්ෂකයන් වීම කැපී පෙනේ. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාලක ගොඩහේවා, මාතර දිස්ත්‍රික්කයෙන් නිපුණ රණවක, මොනරාගල දිස්ත්‍රික්කයෙන් ශෂේන්ද්‍ර රාජපක්ෂ , නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජීවන් තොණ්ඩමන් වශයෙනි.

මෙවර පාර්ලිමේන්තුව සදහා පිය පුතු දෙපල තුනක්ද තේරී පත්වී ඇත්තේ ජනතා මනාපයෙනි. ඉන් මහින්ද – නාමල්, චමල් – ශෂේන්ද්‍ර , රාජපක්ෂ පවුලේ වීම විශේෂත්වයකි. අනෙක් පිය පුතු දෙපල ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දෙපලයි.

මෙම මැතිවරණයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි 65කට වැඩි මන්ත්‍රී පිරිසකට තම අසුන් අහිමිවී තිබීමයි. ඒ අතරින් එ.ජා.ප.නායක රනිල් වික්‍රමසිංහ , උප නායක රවී කරුණානායක, මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් , ජාතික සංවිධායක නවීන් දිසානායක , වජිර අබේවර්ධන , මංගල සමරවීර (ඉල්ලා අස්වුවද ඔහුගේ නම මනාප ලයිස්තුවේ තිබිණි.) හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , ඒ.එච්.එම්.ෆවුසි , සුජීව සේනසිංහ, තිලංග සුමතිපාල , කළුතර දිස්තිරික්කයේ එජාපයේ පාලිත තෙවරප්පෙරුම , අජිත්.පී. පෙරේරා , ලක්ෂ්මන් විජේමාන්න , නලින්ද ජයතිස්ස , ගම්පහ දිස්තිරික්කයේ චතුර සේනාරත්න , රුවන් විජේවර්ධන , එඩ්වඩ් ගුණසේකර , විජිත් විජිතමුණි සිල්වා , ඩුලිප් විජේසේකර යන අයට මන්ත්‍රීධුර අහිමි වී ඇත.

ශ්‍රියානි විජේවික්‍රම, අනෝමා ගමගේ දයා ගමගේ, පාලිතරංගෙ බණ්ඩාර , ආනන්ද අලුත්ගමගේ , වසන්ත අලුවිහාරේ , රංජිත් අලුවිහාරේ , ලක්ෂ්මන් වසන්ත පෙරේරා , කරුණාරත්න පරණවිතාන දිනේශ් ගංකන්ද , ඒ.ඒ.විජේතුංග , චම්පිකා ප්‍රේමදාස , තුසිතා ව්ජේමාන්න , ලකී ජයවර්ධන , යන අයටද මන්ත්‍රී ධුර අහිමි වී ඇත.

කේ.කේ පියදාස , වී රාධාක්‍රිෂ්ණන් , කේ තිලකරාජා , නිරෝෂන් ප්‍රේමරත්න , ලක්ෂ්මන් යාපා , මනෝජ් සිරිසේන , විජේපාල හෙට්ටිආරච්චි , බන්දුලාල් බණ්ඩාරිගොඩ , පියසේන ගමගේටද තම මන්ත්‍රීධුර අහිමි විය.

එමෙන්ම පාලිත රංගෙ බණ්ඩාර , හේමන්ත සිසිර කුමාර , ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක , ටී.බී ඒකනායක, පද්ම උදය ශාන්ත , සිඩ්නි ජයරත්න , සුමේධා ජී ජයසේන .සුසන්ත පුංචිනිලමේට ද මන්ත්‍රී ධුර අහිම් වී තිබේ.

විජයකලා මහේස්වරන්, ඊ සරවනපවන් , ශිවශක්ති ආනන්දන්, මාවෙයි සේනාධිරාජා කවීන්ද්‍රන් කෝඩීශ්වරන්, සුනිල් හදුන්නෙත්ති , බිමල් රත්නායක, නිහාල් ගලප්පත්ති , චන්ද්‍රාණි බණ්ඩාර, චන්දිම ගමගේ, පී හැරිසන් ,රවීන්ද්‍ර සමරවීර් , ලක්ෂ්මන් සෙනෙවිරත්න, වීරකුමාර දිසානායක, එස්.පී මුතුකුමාරණ , ආනන්ද කුමාරසිරි , යන අයටද මෙවර තේරී පත්වීමට නොැකි වී ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *