smart

ආධාර සුලුපන්න ධීවරයන් බහුතරයකට ලැබී නෑ

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙරට ධීවරයන්ගේ ආහාර සුරක්ෂිතතා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් යාන්ත්‍රික නොවන යාත්‍රා භාවිතා කරන ධීවර පවුල් සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල ද එම ආධාර මුදල් නිසි පරිදි ධීවරයන් සඳහා ලැබී නැතැයි සමස්ත ලංකා‍ පොදු ධීවර සම්මේලනය පවසයි.

ත්‍රිකුණාමලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සම්මේලනයේ සාමාජිකයන් මේ බැව් කියා සිටියහ. මාධ්‍ය හමුවට එක්වු අරුණ් හේමචන්ද්‍රයන් පැවැසුවේ ත්‍රිකුණාමලය, මුලතිවු, යාපනය, මඩකලපුව හා කිළිනොච්චි වැනි වඩාත් අවධානම් සහගත දිස්ත්‍රික්ක වල පීඩාවට පත් සුළු පන්න ධීවරයන් හට මෙම ආධාර මුදල් ලබා දීම සිදුකල ද තෝරා ගැනීමේ ක්‍රියාවලිය හා නිරීක්ෂණ ක්‍රියාවලිය ද නිසි පරිදි සිදු නොවිම නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවරයන් විශාල පිරිසකට ආධාර නොලැබී ඇති බවයි. 

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අරුණ් හේමචන්ද්‍රයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල සාම්ප්‍රදායික යාන්ත්‍රික නොවන ධීවර යාත්‍රා 1756 ක්‍රියාත්මක වනවා. නමුත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් 783 දෙනෙකු ගේ නාම ලේඛණයක් පමණයි ලෝක ආහාර සංවිධානයට යවා තියෙන්නේ මේ 1756 ම ධීවර දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි ඒවා නමුත් යම් යම් කරුණු මත ධීවරයන් පසුගිය වර්ෂ වල සිය යාත්‍රාවන් ලියාපදිංචි කරගෙන නැහැ. දැන් සිදුවෙලා තියෙන්නේ බහුතර ධීවරයන් සංඛ්‍යාවකට ආධාර මුදල් නොලැබීමයි. එසේ වුයේ කොහොමද කියලා ධීවර දෙපාර්තමේන්තුව කියන්න ඕන ධීවර පරික්ෂකවරුන්ගේ වගකීමක් ධීවර යාත්‍රා ලියාපදිංචි වෙලා නැතිනම් ඒවා ලියාපදිංචි කිරීම ඒ වගේම මෙහෙම ආධාර මුදලක් දෙනවා කියලා සෙසු ධීවරයන් දන්නෙත් නැහැ. මේ ගැන දැනුම්වත් කරලත් නැහැ මේ ආධාර බෙදී යාම නිසි පරිදි ඉටු වනවාද යන්න පිළිබඳව සොයා බැලීමේ නිරික්ෂණ කටයුත්තක් ද සිදුවන බව ධීවරයන් කියනවා නමුත් වැඩේ නිසි පරිදි ඉටු වෙලා නැහැ පැවැසීය. 

මෙහිදි අදහස් දැක්වු ත්‍රිකුණාමලය කුඩා ඔරු සංගමයේ සභාපති ඒ. එච්. සුනිල් ද සිල්වා මම ඔරු සංගමයේ සභාපතිවරයා අපි තමා ඔරු වලින් පන්න කරන්නේ නමුත් සමිතියේ බොහෝ ධීවරයන් ට මේ ආධාර මුදල් ලැබිලා නැහැ මටත් නැහැ. මේ ගැන දැනගෙන ධීවර කාර්යාලයට පැවැසුවා ඊට පස්සෙ ඇවිත් ඔරු වලට අංක දීලා ගියා නමුත් පරීක්ෂක මහත්තයා කියන්නේ ආයේ වටයක් ආවොත් දෙන්නම් කියලා අපි පරම්පරා ධීවරයෝ වුණාට අපිට ලැබෙන ආධාර මුදල් ධීවරයන් ට ලැබිලා නැහැ ඒවාට මොකද වුණේ කියලා සොයා බලන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පැවැසීය.

මගේ සමිතියේ 35 ක් ඉන්නවා නමුත් ලැබුණේ 12 කට පමණයි ඒ අයට පමණක් මුදල් ලැබුණා ඒ සල්ලි වලින් රුපියල් 3000 බැගින් ආයෙමත් අය කරගෙන තියෙනවා. නමුත් ඒවට රිසිට් පතක් දීලා නෙවෙයි ගත්තෙ ඒක අල්ලසක් විදිහට අරන් තියෙන්නේ නමුත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියන්නේ ධීවරයන්ට ආධාර විදිහට 15000 ගානේ දුන්නා කියලයි. මේ පිළිබඳව වහාම විමර්ශණයක් කරන්න කියලා ඉල්ලනවා යැයි කල්ලරාව සුලුපන්න ධීවර සමිතියේ සභාපති රෝෂන් සුරනිමල මහතා පැවැසීය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *