ආණ්ඩුවේ මාධ්‍ය හොරණෑ ලේබලයෙන් ගලවා ගන්නවා – කෙහෙලිය

රජයේ හොරණෑ ලේබලයෙන් මුදවා පෞද්ගලික මාධ්‍ය හා තරඟ කරමින් ජනතා විශ්වාසය දිනා ගැනීමට හැකි ලෙස රාජ්‍ය මාධ්‍ය ආයතන ගොඩනගන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මර්දනය බැහැර කරමින් තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලබාදීම තම අරමුණ බවත් සත්‍ය වාර්තා කිරීම ඔස්සේ ජනතාව දිනා ගැනීමේ තරඟයට සාර්ථකව මුහුණ දී ජයගැනීම රාජ්‍ය මාධ්‍ය ආයතන වල ඉලක්කය බවත් ඒ මහතා කීය.

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිටදී ඊයේ (15) පැවැති පිළිගැනීමේ උත්සවයකට එක් වෙමින් ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.ජනමාධ්‍ය කැබිනට් ඇමැතිවරයා ලෙස  වැඩබාර ගැනීමෙන් අනතුරුව ප්‍රථම වරට මහනුවරට පැමිණි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පිළිගැනීම සඳහා මෙදින අතිවිශාල පිරිසක් මහනුවරට පැමිණ සිටියහ. රජයේ හොරණෑ යන ලේබලය ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වලට අලවා තිබුණත් පවතින ආණ්ඩුවේ මතය හා සංවර්ධන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන යෑමට රජයේ මාධ්‍ය තිබිය යුතු බවද ඒ මහතා පැවසුවේය.

නිසි ප්‍රමුඛතාව නොදී මෙතෙක් අතහැර දමා තිබූ කර්මාන්ත නගා සිටුවීම පිණිස නිශ්චිත ඉලක්කසහගත වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව ආරම්භකර තිබෙන බවත් මැටි,පිත්තල,බතික් වැනි කර්මාන්ත නමින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කිරීම හාස්‍යයට ලක්කරමින් කතාකරන උදවිය තවත් වසරකින් දෙකකින් තමන් එසේ කතාකිරීම පිළිබඳව කනාගාටු වනු ඇති බවත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

මැටි ආශ්‍රිත නිෂ්පාදන මේ රටේ ප්‍රබලතම කර්මාන්තයක් ලෙස පැවැති යුගයක් තිබූ නමුත් අද වනවිට එම කර්මාන්තය විනාශයට ලක්ව තිබෙන බවත් ඒවා යළි ගොඩගැනීමට රජය කටයුුත කරත්දී එය හාස්‍යයට ලක්කරනු ලබන්නේ එම කර්මාන්ත  බිංදුවටම ඇද දැමූ උදවිය බවත් ඒ මහතා කීය.

සුළු අපනයන බෝග වෙළෙඳ පොළ කඩා වැටීම හේතුවෙන් එම බෝග වගාකරුවන් දැඩි ආර්ථික ගැටලුවලට ලක්ව සිටින බවත් ජනපතිතුමන් මැතිවරණ සමයේ රටවටා කළ සංචාරයේදී ජනතාව ගෙන් ලැබුණු ඉල්ලීම් අතර සුළු අපනයන බෝග වගාකරුවන්ගේ ප්‍රශ්න රැසක් තිබූ බවත් කී ඇමැතිවරයා අමාත්‍යාංශ වෙන් කිරීමේදී ඒ සම්බන්ධව ජනපතිවරයා විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවද අවාධාරණය කළේය.

මහමැතිවරණය ජයගෙන සජිත් හා රනිල් දෙනාව කිවූ රුපියල් 20000.00 හා 10000.00 ට වඩා ආණ්ඩුව ලබාදුන් රුපියල් 5000.00 යථාර්ථයක් බව ජනතාව බුද්ධිමත්ව තේරුම්ගත් බවත් මේ නිසා එජාපයත් එයින් බිඳිගිය පක්ෂයත් දේශපාලන කුණු බක්කියට ඇද වැටී තිබෙන බවත් හෙතෙම කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *