ආණ්ඩුවට කොකා පෙන්වන හැටන් පාන්

 ආණ්ඩුවට කොකා පෙන්වන හැටන් පාන්

බේකරි හිමියන්ගේ සංගමය විසින් ග්‍රැම් 450 ක පාන් ගෙඩියක මිල (26) දින මධ්‍යම රාත්‍රියේ සිට රු. පහකින් අඩු කළද තමන්ට එසේ පාන් ගෙඩියක මිල රු පහකින් අඩු කිරිමට නොහැකි බව හැටන් බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

දේශීය වෙළදපොළෙහි තිරිඟු පිටි මිළ සහ බේකරි උපකරණවල මිළ  ඉහළ යාමත්, බේකරි නිෂ්පාදන සඳහා විශාල පිරිවැයක් දැරිමට සිදු වන නිසාත් පාන් ගෙඩියක හෝ බේකරි නිෂ්පාදනවල මිළ අඩු කළ නොහැකි බවයි හැටන් බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ.

සුළු පරිමානයෙන් පවත්වාගෙන යන බේකරිවල හිමියන් ගැටළු රැසක් මධ්‍යයේ තම කර්මාන්තය පවත්වාගෙන යන අතර, මහා පරිමාණ බේකරිකරුවන් සිය කර්මාන්තය පවත්වාගෙන යාමට පැවති රජයන්ගෙන් ඉන්ධන සහනාධාරය ඇතුළු සහනාධාර රැසක් ලබාගෙන ඇති නිසා ඔවුන්ට පාන් ගෙඩියක මිළ මීට වඩා අඩු කළ හැකි නමුත්, අනෙකුත් බේකරිකරුවන්ට සිය නිෂ්පාදන වල මිල පහළ දැමිය නොහැකි බවයි හැටන් බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

හැටන් ඇතුළු වතු ආශ්‍රිතව ග්‍රැම් 450 ක පාන් ගෙඩියක් අද වනවිට රු 75 ට අලෙවි කරන අතර විවිධ බර ප්‍රමාණ අනුව නිෂ්පාදනය කරනු ලබන රු 150 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනු ලබයි. සෙසු බේකරි නිෂ්පාදනද විවිධ මිල ගණන් වලට අලෙවි වේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *