ආණ්ඩුකාරවරු තුන් දෙනෙකුට රෙඩ් ලයිට්

දේශපාලන කටයුතුවලට පණ පොවන ආණ්ඩුකාරවරුන් තිදෙනකුට මේ වන විට රතු එළි දල්වා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඉන් එක් ආණ්ඩුකාරවරයකුට වහාම ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසත්, තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට පක්ෂයේ කටයුතුවලට ඉදිරිපත් වන්නේ නම් ඉන් වහාම නිහඩ වන ලෙසත් දන්වා ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඉතාම සාධාරණ සහ නිදහස් ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණයක් පවත්වාගෙන යාමට මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි කටයුතු කිරිමට ජනාධිපතිවරයා බැදිසිටින්නේය වශයෙන් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන බවත් රටේ සියළු ම ආණ්ඩුකාරවරුන් වරියන් ඊට බැදී සිටින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීය. යම් හෙයකින් කිසියම් ආණ්ඩුකාරවරයෙක් දේශපාලන කාර්යයක නිරත වුවහොත් එම විධානයන් පැහැර හැරියා සේ සලකා කටයුතු කිරිමට සිදුවන බවද හෙතෙම කීය.
ආණ්ඩුකාරවරියන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දේශපාලන කටයුතු වල නිරත වීමේ කිසිදු අයිතිවාසිකමක් නොමැති බවද , ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් ඊට අවශ්‍ය උපදෙස් ආණ්ඩුකාරවරුන්ට ලබා දෙනු ඇත යන්න තමා විශ්වාස කරන බවත් , ආණ්ඩුකාරවරුන් ගරු කටයුතු ලෙස සහ සාධාරණ ලෙස ආචාරධර්ම රකිමින් තම වගකීම ඉටුකරනු ඇත යන්න තමා අපේක්ෂා කරන බවත් දේශප්‍රිය මහතා කියා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ 3දා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි සහ නාපාන මහනාහිමිවරු බැහැදැක අනුශාසනා ලැබ කරුණු දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒසේ කීය