අහක යන අලි ගමට දමා ගැසූ යකාගේ අලි වැට

රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙටිටිආරචිචි
ඉඔුල්පේ ප්‍රදේශීය ලේකම් කොටිඨාශයට අයත් ග්‍රාම සේවා වසමි හතකට වසර 10 ක පමණ කාලයක් තිස්සේ පවතින වල් අලි ගැටලුවට විසඳුමි වශයෙන් දැනට වසර තුනකට පෙර අලි වැටක් ඉදිකළද ගම් වැදී සිටි වල් අලි කැලයට පලවා හැරිමකින් තොරව එම අලි වැට ඉදිකිරීම හේතුවෙන් වල් අලි ගැටලුව දෙගුණ තෙගුණ ව ඇතැයි ජනතාව චෝදනා කරති.
අලි වැට ඉදිකිරීමට පෙර ප්‍රදේශයේ ගමිමාන කිහිපයකට පමණක් පැවැති වල් අලි ගැටලුව අලි වැට ඉදිකිරීමත් සමග ග්‍රාම සේවා වසමි හතකට බලපාන බව ජනතාව සඳහන් කරති.
ඉඔුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හල්පේ, මුත්තෙටිටුගම, ඉත්තමළුව, උළුපිටිය , හතරභාගේ් , කුඔල්ගම , පුවක්ගහවෙල යන ග්‍රාම සේවා වසම්වල පදිංචි ජනතාව මෙම අලි ගැටලුවෙන් වසර ගණනාවක සිට පීඩා විඳින බව පැවසේ. මේ අතර එයට යාබදව හල්දුම්මුල්ල බල ප්‍රදේශයට අයත් කොස්ගම ගමිමානයද අාවරණය වෙන පරිදි එම අලි වැට ඉදි කර ඇති නිසා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගම් කිහිපයකටද හානි සිදු වේ.
ගම් වදින වන අලි ජිවිත හා දේපල හානි සිදු කරන බව ජනතාව සඳහන් කරන අතර කුඔුරු සහ කෙසෙල්, ගමිමිරිස් , පුවක් ,කිතුල් ආදී වගාවන්ද ගෙවල්ද විනාශ කරන බවත් මාර්ගවල ගමන් කරන විට වල් අලි පහර දීම් නිතර සිදු කරන බවත් පවසති. ගම් වැද සිටින වල් අලි කැලයට පළවා හැරීමකින් තොරව ඉදිකර ඇති අලි වැට හේතුවෙන් වල් අලි තර්ජන දිනෙන් දින ඉහළ ගොස් ඇතැයි බලධාරීන් දැනුවත් කළද පලක් නැති බව මේ ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙති. තත්ත්වය පිළිබඳව සොයා බලා තමන්ගේ ජීවිත හා දේපළ වල් අලින්ගෙන් බේරා දෙන ලෙස ජනතාව අදාල බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් ඉඔුල්පේ ප්‍රාදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය .
“ඉඔුල්පේ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් තුනකට පමණ මීට පෙර වල් අලි ගැටලුව තිබුණා. එයට විසඳුමක් වශයෙන් පසුගිය යහපාලනය රජය මගින් රුපියල් ලක්ෂ හතලිහකට වැඩි මුදලක් වියදම් කරල අලි වැටක් ඉදි කර තිබෙනවා. මෙික ඉදි කරලා තිබෙන්නේ නිසි අධීක්ෂණයකින් තොරවයි. මොකද ගමට ඇවිත් සිටිය වල් අලි ගමෙන් රක්ෂිතයට පලවා හැරීමකින් තොරවයි අලි වැට ඉදිකරලා තිබෙන්නේ. ඉතින් දැන් ගමට ආපු අලින්ට කැලේට යන්න බැරිව ඉන්නවා අලි වැට නිසා. එ් වල් අලි ග්‍රාම සේවා වසමි හතක් පුරා මේ වන විට ගැවසෙනවා. මේ ගැටලුව සමිබන්දයෙන් පසුගිය රජයේ ඉහළ දේශපාලන අධිකාරිය දැනුමිවත් කළා. එහෙත් එවකට සිටි කිසිම බලධාරියෙක් අපි ඉදිරිපත් කළ ගැටලුවලට ඇහුම්කන් දුන්නේ නැහැ. මේ ජනතාවගේ ගැටලුව විසඳන්න කටයුතු කළේ නැහැ. පවතින වල් අලි ගැටලුව හේතුවෙන් ඉඔුල්පේ ග්‍රාම සේවා වසමි හතකට අයත් පවුල්වල ජනතාව මුහුණ පා සිටින තත්ත්වය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා දැනුම්වත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ ගැටලුව සමිබන්ධයෙන් නව රජයේ
වනජීවී අමාත්‍යවරයා සහ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම්වත් කරල වල් අලි ගැටලුවෙන් ජනතාව ගලවා ගැනීම සඳහා කෙටි කාලයක් තුළ කටයුතු කරන බවට පොරොන්දු වෙන බවද ශ්‍රී ලාල් සෙනරත් මහතා වැඩිදුරටත් පැවැසීය.