අස්වැන්න යුධ හමුදාවට දුන් ඌවතැන්නේ ගොවියා

sdr
තමන් නිෂ්පාදනය කළ මිළ අධික එළවලු වර්ග වන බෙල්පෙපර් සහ ජැපනීස් කියුකම්බර් තොගයක් යුධ හමුදාවට දුන් ගොවියෙකු පිළිබඳ හල්දුම්මුල්ල ඌවතැන්නෙන් වාර්තා වෙනවා. හිටපු යුධ හමුදා නිලධාරියෙකුද වන කේ.වි. ජයසේකර නමැති මේ ගොවි මහතා සඳහන් කළේ, දුෂ්කර අවස්ථාවේ වසංගතයට එරෙහිව යුධවදින හමුදාවට තමන්ගේ ආචාරය හිමිවන බවයි. යුධහමුදාව යටතේ පවතින දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට මේ එළවලු තොගය ලබාදෙන්නේ එහි රැඳී සිටින පිරිසගේ ප්‍රයෝජනය උදෙසා බව ඔහු පැවසුවා. නැවුම් එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම ප්‍රතිශක්තිය වර්ධනය සඳහා ඉවහල් වන බව වෛද්‍යවරුන් සඳහන් කරනු අසන්නට ලැබුණු නිසා මේ පියවරගත් බවද ඔහු සඳහන් කළා.
සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ බෙල්පෙපර් කිලෝවක් රුපියල් දහසකට වැඩි මිළකටද, ජැපනීස් කියුකම්බර් රුපියල් තුන්සියයකට වැඩි මිළකටද අලෙවි වූ බව ජයසේකර මහතා පෙන්වා දෙනවා.
ඔහුගේ ගොවිපොළ විද්‍යානුකූල වගා ක්‍රම අනුගමනය කරන අතර ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව සිදු කරනු ලබනවා. මේවනවිට සේවකයින් අටදෙනෙකුට රැකියාව ලබාදීමට ද පියවරගෙන ඇති ජයසේකර මහතා තමන්ට වගා කටයුතු සඳහා උපදේශනය සපයන ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයට සහ එළවලු නිරෝධායන මධ්‍යස්ථානයට ලබාදීමට මග පෙන්වූ බ්‍රිගේඩියර් ජයවර්ධන මහතාට සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මහතා ස්තූතිය පුද කරන බව පවසනවා.