අස්ගිරියෙන් අසරණයන්ට උදව්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබෙන සංචරණ සීමා හේතුවෙන් පීඩා විඳින අඩු ආදායම් ලාභි පවුල් වලට හා නිරෝධායනයට ලක්ව සිටින මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 1000 ක් සඳහා එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ලබාදීමේ වැඩසටහනක් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා එම විහාර පාර්ශවයේ මහ පිරිවෙණේ පිරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආන්නද නාහිමියන්ගේ මූලිකත්වයෙන් 05 දා සිදු කෙරුණි.
අස්ගිරි පිරිවෙණේ දායක සභාවේ අනුග්‍රහය මත මෙම ආහාර ද්‍රව්‍යය එක්රැස් කර තිබේ.අදාළ ආහාර ද්‍රව්‍යය අඩංගු පාර්සල් ජනතාවට බෙදාදීම සඳහා ඒවා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාට ආනන්ද නාහිමියින් විසින් බාරදෙනු ලැබූහ.
කොවිඩ් තත්ත්වය හමුවේ මේවන විට බොහෝ පිරිසක් ආදායම් මාර්ග අවහිර වී නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත් තවත් අයෙකු වෙනුවෙන් යමක් කළහැකි සෑම කෙනෙක්ම ඉදිරිපත්වී මනුෂ්‍යත්වයේ උදාරතර ගුණය පෙන්නුම් කළ යුතු අවස්ථාවක් දැන් එළඹ තිබෙන බව අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද නාහිමියෝ කීහ.