අවුරුදු සමරණ මුදලින් ජන සහන. බලංගොඩ හොඳ වැඩක්.

බලන්ගොඩ කිරිඳිගල ජයන්ති මාවතේ එක්සත් සංසදය හා වෙළඳ ප්‍රජාව මගින් අවුරුදු උත්සවය පැවැත්විම සදහා එකතු කළ මුදල් වැය කර රුපියල් 2500 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර මළු අසරණ පවුල් 35 ක් වෙත බෙදා දිම අද (07) සිදු කෙරිණි.
කිරිඳිගල ග්‍රාම නිළධාරී ජානක රත්න ශ්‍රී ප්‍රියනන්දන සහ සමෘද්ධි නිලධාරී අජිත් නිශාන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කිරිඳිගල ග්‍රාම සේවා වසමෙි පදිංචි අඩු ආදායම් ලාභි පවුල් 35 ක් මේ සඳහා තෝරා ගෙන තිබුණි.
මෙම මුදල අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා ඉතිරි කර තිබුණද, රටෙි පවතින කොරෝනා වසංගත අවදානම හේතුවෙන් එය අත්හිටුවා අසරණව සිටින පවුල් 35 ක් සදහා සහල් කිලෝ 10 ක් සමග රුපියල් 2500 ක් වටිනා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දිමට කටයුතු කිරිම කාගේත් පැසසුමට ලක් විය.