අවසන් සටනේ දී මියගිය අය සැමරේ
ත්රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
යුද්ධයට මැදිව මියගිය සිය ආදරණීයයන් ස්මරණය කරමින් හා යුද්ධයේ දී සිදුවු අපරාධ වලට යුක්තිය ඉල්ලමින් අතුරුදන් වුවන්ගේ ඥාතීන් හා සිවිල් ක්රියාකාරින් එක්ව අද (18) පස්වරුවේ ත්රිකුණාමලයේ දී පහන් දල්වනු ලැබීය.
ත්රිකුණාමලයේ පිහිටි ස්වාමි විශ්වනාද ශිවම් කෝවිල ඉදිරිපිට ට එක්වු මෙම පිරිස එම ස්ථානයේ කෙසෙල් කඳක් පිහිටුවා ඒ මත තබන ලද ප්රධාන පහන දල්වා අවසන් සටනේ දී අතුරුදන් වු හා මියගිය සිය ආදරණීයයන් අනුස්මරණය කරනු ලැබීය.