“අවංකත්වයේ අභිෂේකය” නාමයෝජනා විවෘතයි

2018 සහ 2019 වර්ෂවල ලද සාර්ථකත්වයද සමඟින්, අවංක රාජ්‍ය නිළධාරීන්ට “කිර්තිය සහ ප්‍රණාමය”පුද කරනු වස් , ශ්‍රී ලංකාවේ ඉන්ටග්‍රිටි අයිකන් 2020 සඳහා නාමයෝජනා කැඳවීම දැන් ආරම්භ කර ඇතිබව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය  දන්වා සිටී .  ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන, “අකවුන්ටබිලිටි ලැබ්”  නමැති ගෝලීය සංවිධානයේ මුලික සංකල්පයක් වශයෙන් ආරම්භ වූ අතර තම ප්‍රජාවන් අතර සුපිළිපන්නභාවය ඇති කිරීම උදෙසා ඵලදායී අදහස් මතු කරමින් සහ ක්‍රියාත්මක කරමින් වෙනසක් ඇති කිරීමට කැපවී සිටින පුද්ගලයන්ට අත්වැලක් සැපයීම වෙනුවෙන් “අකවුන්ටබිලිටි ලැබ්”  ආයතනය ක්‍රියාත්මක වේ. 2018 සහ 2019 වර්ෂවලදී “අවංකත්වයේ අභිෂේකය” යන තේමාව යටතේ මෙම වැඩසටහන ඉතා උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ලංකාවේදී පවත්වනු ලැබිණි.

ගෝලීය වශයෙන්ද, අනෙකුත් ජාතීන් අතර විශේෂයෙන් නේපාලය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව හා මෙක්සිකෝව යන රටවලද මෙම වසරේදී ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන පවත්වනු ලැබේ.  තම රාජකාරීමය වගකීම කෙතරම් අභ්‍යන්තර හෝ බාහිර පීඩනය මැද වුවද සුපිලිපන්නභාවයෙන් යුතුව ඉටු කරන අවංක රාජ්‍ය නිලධාරීන් හට කීර්තිය හා ප්‍රණාමය පුද කිරීම ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන හරහා මුලික වශයෙන් අපේක්ෂා කරයි. ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන අනෙකුත් එවැනි වැඩසටහන්වලින් වෙනස් වන ප්‍රධානම සාධකය නම්, මහජන සහභාගිත්වයයි.

එනම්, ඉන්ටග්‍රිටි අයිකන් ප්‍රණාමය ලැබීමට සුදුසු යැයි මහජනතාව සිතන රාජ්‍ය නිලධාරීන් මේ සඳහා නම් කිරීමටත්, කෙටි ලැයිස්තු ගත කරන ඉන්ටග්‍රිටි අයිකන් 5 අතරින්  ඔවුන්ගේ ප්‍රියතම රාජ්‍ය නිලධාරියා වෙත සිය චන්දය ප්‍රකාශ කිරීමටත් ඉඩ කඩ සලසා ඇත. ඉන්ටග්‍රිටි අයිකන් 2020 සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා 2020 අගෝස්තු මස 31 දින දක්වා ඉඩකඩ විවෘත කර ඇත. ඉන්ටග්‍රිටි අයිකන් අත්පොත සහ නාමයෝජනා ඉල්ලුම්පත්‍ර www.integrityicon.lk අපගේ වෙබ් අඩවියට  පිවිසීමෙන් බාගත කර ගැනීමට හෝ 0711295295 අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ icon@tisrilanka.org ඊ මේල් ලිපිනය හරහා ඉල්ලුම් කල හැකිය.

හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජනරාල් එම්.ඩී.ඒ.හැරල්ඩ් මහතාගේ සභාපතීත්වයෙන් යුතුව , හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම් මොහොමඩ්, හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් (කොළඹ දිස්ත්‍රික්කය) ධර්මසිරි නානායක්කාර, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ති ගුණසේකර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ මාධ්‍ය පුහුණුකාරිනි එම්. එස්. දේවගවුරි යන මහත්ම මහත්මීන්ගෙන් විනිසුරු මඩුල්ල සමන්විත වේ.

නාමයෝජනා භාරදීමට ඇති කාලය අවසන් වීමෙන් අනතුරුව, විනිසුරු  මඩුල්ල විසින් කෙටි ලැයිස්තුගත ඉන්ටග්‍රිටි අයිකන් පහක් සඳහා අයදුම්පත් සමාලෝචනය කිරීමේ සහ සම්මුඛ සාකච්චා පැවැත්වීමේ කාර්යය ආරම්භ කරනු ඇත. විනිසුරු මඩුල්ල විසින් තෝරාගනු ලබන අවසන් 5 දෙනා සඳහා,සති දෙකක කෙටි  පණිවුඩ හරහා චන්දය ප්‍රකාශ කිරීමේ කාලයෙන් අනතුරුව, 2020 දෙසැම්බර් මාසයේදී පවත්වනු ලබන අවසන් මහා තරඟයේදී ඉන්ටග්‍රිටි අයිකන් 2020 ජයග්‍රාහකයා නිවේදනය කරනු ලබයි. ඉන්ටග්‍රිටි අයිකන් 2020 සඳහා, රාජ්‍ය සේවය තුල වසර 5 කට වැඩි සේවා කාලයක් සහිත හෝ විශ්‍රාම ලැබීම සඳහා අවම වශයෙන් වසර 5 ක සේවා කාලයක් ඇති රජයේ ස්ථීර සේවකයෙකු නම් කිරීමේ හැකියාව ඇත.

පසුගිය වසරේ පැවති ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන සඳහා 100 කට අධික නාම යෝජනා සංඛ්‍යාවක් ලැබී තිබුණු අතර ලැබී තිබු 20,000 කට අධික ඡන්ද ප්‍රමාණය අතරින් වැඩිම චන්ද ප්‍රමාණය ලබා ගනිමින්  මතුගම ශාන්ත මේරී විද්‍යාලයේ විදුහල්පතිනී පී.ඒ.සී ප්‍රියදර්ශනී මෙනවිය ඉන්ටග්‍රිටි අයිකන් 2019 ජයග්‍රාහිකාව වශයෙන් තේරී පත් විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *