අලුත්වැව පොල් වගාවට කුරුමිණි හානි

රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි

තණමල්විල හමිබෙගමුව  අලුත්වැව ප්‍රදේශයේ  වගා  කර ඇති  පොල් ගස්වල   කඳට කුරුමිණියන්  විශේෂයක් විසින්  හානි  සිදු  කිරීම හේතුවෙන් පොල් ගස් වඳ ව යෑමට මෙන්ම  කඩා  වැටීමට  පටන් ගෙන ඇතැයි ගොවීහු සඳහන් කරති.

පලදාව  හටගෙන  ඇති  පොල්  ගස්වල  කඳ  කුරුමිණියන් විශේෂයක්  විසින්  පළුදු  කර පොල්  කඳේ  කොටස්   කා  දැමීමට  පටන් ගෙන ඇතැයි අලුත්වැව ප්‍රදේශයේ පොල් ගොවීහු  පෙන්වා දෙති. රුපියල් 100-150 වැනි මිලකට  මිල දි  ගත් පොල් පැල සිටුවා  පළදාව  හට  ගත්  පසු   මෙලෙස  කඳට හානි  කරන බවත්  මිට  පෙර පොල්  ගොබ සහ කොළවලට  හානි  සිදු  කල  කුරුමිණියන්  මැතක සිට පොල්  කඳට  හානි සිදු කරන  බවත් පොල් වගා කරුවෝ  කියති. මේ හේතුවෙන් පොල් ගස්  මුලින්ම  කඩා  වැටීමටත්  තවත් පොල්  ගස්  සහමුලින්  මැරී  යැමටත්  පටන් ගෙන ඇතැයි වගාකරුවෝ වැඩිදුරටත් පවසති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *