අරක්කු සල්ලිවලින් පොසොන් දන්සැල් – සුරාබදු ලොක්කාගේ පිංකමක්
මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් සෑම සුරාබදු ස්ථානයක් මගින්ම එම බලප්රදේශයේ ජීවත්වන දිළිඳු පවුල් 25 කට අවම වශයෙන් රුපියල් 5000.00 වටිනා වියළි ආහාර මල්ලක් ලබාදීමට පියවර ගන්නා ලෙස දිවයිනේ සියලුම සුරාබදු කොමසාරිස්වරුන් වෙත සුරාබදු අධ්යක්ෂ ජනරාල්වරායගේ උපදෙස් මත අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම්,මෙහෙයුම් හා නීති ක්රියාත්මක කිරීම) එම්.ඩබ්ලිව්.කේ දිසානායක මහතා ලිපියක් මගින් දැනුම්දී තිබුණත් ඒ සඳහා කිසිදු මුදලක් දෙපාර්තුමේන්තුව මගින් වෙන්කර නොමැති බට ශ්රී ලංකා මත්පැන් බලපත්රධාරීන්ගේ සංගමය පවසයි.
මෙම තත්ත්වය මත එම මුදල් මත්පැන් බලපත්ර හිමියන් ගෙන් ලබා ගැනීම සඳහා මේවන විටත් සුරාබදු නිලධාරීන් ඉල්ලීම් කරන බවද එම සංගමයේ සාමාජිකයෙකු ප්රකාශ කළේය.
සුරාබදු අධිකාරිවරුන්ගේද සහය ලබා ගනිමින් ක්රියාත්මක කළ යුතු මෙම වැඩසටහන සඳහා දිළිඳු පවුල් තෝරා ගැනීම සුරාබදු ස්ථානාධිපතිවරු විසින් සිදුකළ යුතු බව ලිපියේ දැක්වෙයි.
හාල් කිලෝ ග්රැම් 10 ක්,සීනි කිලෝ ග්රෑම් 02 ක්,තේ කොළ ග්රෑම් 500 ක්,පාන්පිටි කිලෝ ග්රෑම් 02 ක්,පිරිප්පු කිලෝ ග්රෑම් 02ක්,බී ළූණු කිලෝ ග්රෑම් 02 ක්,මිරිස් කුඩු ග්රෑම් 250 ක්,තුනපහ ග්රෑම් 100 ක්,අල කිලෝ ග්රෑම් 01 ක්,වියළි හාල් මැස්සෝ ග්රෑම් 250 ක්,ලුණු පැකට් 02 ක් මෙම ආහාර මල්ලට අඩංගු විය යුතු බවත් මෙම මස 23 දින පෙරවරු 10.00 ට මෙම ආහාර මලු බෙදා දී ඊට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන ලෙසත් ලිපිය මගින් අතිරේක සුරාබදු කොමසාරිස්වරයා දැනුම් දී ඇත.