“අපේ බත බොහොම රහයි” කල්තොට කාබනික වගාවේ නිරත ගොවීන්ගේ අත්දැකීම්

කල්තොට-බුදුගල සෝමරතන හිමි

රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කල්තොට ගොවි ජනපදය තුළ මේ වන විට කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක සරුසාර වී හා බෝග අස්වැන්නක්  ලබන බව ගොවි ජනතාව ප්‍රකාශ කරති.

ඔවුහු මේ බව ප්‍රකාශ කළේ එම කුඹුරු හා බෝග වගාවන් නිරික්ෂණයට අප ගිය අවස්ථාවේදිය.

01.වැලිපත කළුපේඩිගම පදිංචි එම්.එම් සිරියලතා මිය (51)

“මම වකුගඩු රෝගියෙක්.එක වකුගඩුවක් නරක් වෙලා. මම මුලින්ම ඛෙහෙත් පොහොර දාල එළවලූ වගාවන් කළා. ඒවායේ අහිතකර බව තේරුම් ගිය නිසා කාබනික පොහොර යොදල වගා කරන්න ඕනි කියල හිතල කෘෂිකර්ම නිලධාරින්ගෙත් උපදෙස් අරගෙන තනියෙම බෝග වගා කළා.මාස හතරක පමණ සිට මම මේ කාබනික පොහොර භාවිතා කරන්නේ. මෙහි දැනට කංකුන්,අමුමිරිස්,සුදු බටු,ඉගුරු,කහ, කෙසෙල්,බණ්ඩක්කා,සේර, කතුරුමුරුංගා වගේ බෝග වගා කරල තිඛෙනවා.ඒ ඔක්කෝටම මම ගොවි ජනසේවා කාර්යාලයෙන් දුන්න කාබනික දියර පොහොර වගේම මම හදා ගත්තු කොම්පෝස්ට් පොහොර දැම්මා.ඒකෙන් හොඳ සරුසාර අස්වැන්නක් ලබනවා. බළන්ගොඩ නගරයේ මට ඒ සඳහා වෙනමම වෙළඳ පොලක් තිඛෙනවා.දවසකට රු 1000ක පමණ ආදායමක් ඒකෙන් ලබනවා. කෙසෙල් කැනකින් රු.2500ක් විතර මම ගන්නවා. තෙල් ඛෙහෙත් පොහොර  දාලා මිරිස් වගා කරන කොට ඒවා කොඩ වුණා. නමුත් කාබනික  පොහොර දැම්මට පස්සේ ඒ ලෙඩේ හැදුනෙ නැහැ. කොම්පෝස්ට් පොහොර ග්‍රෑම් 250ක් දාලා තිබ්බොටු වගා කළා. එක ගහකින් දින 12ක් යන කොට කිලෝ තුනක් කැඩුවා.මට ජිවත් වෙන්න හොද ආදායමක් මේ වගාවන් වලින් ලැඛෙනවා.˜

02.මැදබැද්දේ පදිංචි ඒ.ඩබ්.ජේ.අමරවිර මහතා (36)

“මම කැලණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරල රාජ්‍ය සේවයේ නිරතව ඉන්න අතරේ කුඹුරු ගොවිතැන් කරන්නේ.කෘෂි රසායන දාල හදන විවලින් ගන්න බත් අපි කන කොට ඒවායේ පෝෂණ ගුණය අඩු බවත් ලෙඩ රෝග හැදෙන්නත් ඒවා හේතු වන බව මට තේරුණා. රජයෙන් ප්‍රතිපත්ති ගේන්නත් කළින් 2017 අවුරුද්දේ ඉඳල මම කුඹුරෙන් කොටසක දේශිය වී වගාව තෙල් ඛෙහෙත් පොහොර දාන්නැතිව වගා කළා.පොහොර දාපුවහම  වල් තණ කොල ගස්වල මුල මණ්ඩලය විශාල නිසා ඒවත්  හොඳින් වැඩෙනවා.නමුත් කොම්පෝස්ට් පොහොර භාවිතයේදි එහෙම වෙන්නෙ නැහැ.කහමාල වී,රත්කඳ වී, කහවනු වී,හීනැටි වී යන දේශිය වි වර්ග වලින් දැනට අපි කහමාල වී,රත්කඳ වී වගා කරල තියෙනවා.ඒවාට පළිබෝධ නාශක වල් නාශක යොදන්නෑ.වල්පැලත් එක්කම පාරම්පරික ගොයම් ගසත් තරගකාරීව වැඩෙනවා.වල් පැලෑටි යටි රෝපණයක් විදිහට තිබුණත් ගොයම් ගසට හානියක් නැහැ.˜

“කොම්පෝස්ට් පොහොර දාලා හදාගත්තු වී වලින් ලබාගත් හාල් වලින් උයන බත්වල අමුතු රසයක් තියෙනවා. එළවලූවල රසයත් ඒ සමග හොදට දැනෙනවා.ඒ වගේම එහි හොද පෝෂණ ගුණයක් තිඛෙන බවත් ඇගට දැනෙනවා. ලබන මහ කන්නයේ සිට මම තරුණ පිරිස 20ක් එකතු කරගෙන අක්කර භාගය බැගින් කහමාල වී,රත්කඳ වී, කහවනු වී,හීනැටි වී යන දේශිය වී වර්ග වගා කරල කාබනික පොහොර භාවිතයෙන් හොද අස්වැන්නක් ලබා ගැනිමට කටයුතු කරනවා.දැනට උපාධිධාරින්  තුන්දෙනෙක් දෙමෝදර හා කළුපේඩිගම ප්‍රදේශවල දේශිය වි වර්ග වගා කොට කාබනික පොහොර භාවිතා කරනවා. කල්තොට ගොවි ජනපදයේ කුඹුරු අක්කර 3150ක් තියෙනවා.කාබනික පොහොර හදන්න  අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර උපකරණ ලැඛෙනවනම් අපට ඒක ලොකු ශක්තියක්.අවශ්‍ය ශාඛ හා සත්ව කොටස් අපට තියෙනවා.ඉදිරියේදි අපි මීට අමතරව දේශිය එළවලූ වර්ගත් කාබනික පොහොර භාවිතයෙන් වගා කිරිමට කටයුතු කරනවා.˜

කළුපේඩිගම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ඩබ්.ඩි.එම්.ඒ.වීරසේකර මහතා-

“පසුගිය කන්නයේ සිට අපි ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට යොමු කරනවා. කළුපේඩිගම යු.ඩි.සරත් කුමාර අවුරුදු හතරක සිට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් කරගෙන යනවා.ඒක දෙවතාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ හොඳම කාබනික පොහොර ව්‍යාපෘතිය ලෙස සම්මාන දිනා ගත්තා.මේ වන විට අපිට තිඛෙන ඉල්ලූමට සැපයුම කර ගන්න බැරි වෙලා තියෙනවා.පසුගිය කන්නයේ සිට කුඹුරු ඉඩම්වලට දියර පොහොර ලබා දුන්නා.කටර් එකක් තියෙයි නම් ඒක කාර්යක්ෂම කරන්න පුළුවන්.අද වන විට කාබනික පොහොර භාවිතයට යොමු වෙලා.ගොවීන් අද වන විට ඉදිරිපත් කරන එකම ගැටළුව තමයි වල් පැළ මර්දනය.ඒකට විසදුමක් වශයෙන් අපි ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා ගොවින්ගේ කුඹුරු හාලා දීල පැළ සිටුවිමත් කරල දිල වල් පැළ නෙලීමට විඩරයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.දැනට 10ක් පමණ ඉල්ලලා තියෙනවා.එවිට අපට රසායනික පොහොර භාවිතය 90කින් විතර අඩු කර ගන්න පුළුවන් වේවි.කෘමි හානි දිලිර හානි එතකොට ගොඩක් අඩුවෙලා යාවි කියල මම විශ්වාස කරනවා˜ යැයි පැවසීය.

කල්තොට ප්‍රාදේශිය ලේකම් ජි.ජි.එන්.වීරසුරිය මහත්මිය-

කල්තොට අප කොට්ඨාසය ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ගොවිතැනට බහුතරයක් යොමු වු පිරිසක් සිටින ප්‍රදේශයක්.එතනිනුත් වැඩිම පිරිසක් කරන්නේ වි ගොවිතැන.ඒ අතරින් කල්තොට මැදබැද්ද වැලිපත කොන්ගහමංකඩ දියවින්න කළුපේඩිගම යන වසම්වල ව් ගොවිතැන ව්‍යාප්ත වෙලා තියෙනවා.ඒ අතර අප කාර්යාලයේ සේවය කරන නිලධාරින් හතර දෙනෙක් පවා මේ වන විටත් දේශිය වි වර්ග වගා කරමින් කාබනික පොහොර භාවිතයට හුරු වෙලා තියෙනවා.ඒ වගේම අපි ඉදිරියට ක්‍රියාත්මක කිරිමේ අරමුණින් දේශිය වි ව්‍යාප්ත කිරිමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා සබරගමු පළාත් සභාවේ අදාළ නිලධාරින්ට යොමු කර තිඛෙනවා.ඒ වගේම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳවද විශේෂ  ව්‍යාපෘතියක් ද අපි ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙනවා.අපේ අවධානය යොමු වෙන්නත්  කළින්ම අපේ සමහර ගොවින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොමු වෙලා තිබිමත් ප්‍රසංශනීය කටයුත්තක් .

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *