“අපේ ප්‍රශ්න විසඳන්න” මාතලේ මාධ්‍යවේදීහු අගමැති මහින්දගෙන් ඉල්ලති.

දිවයින පුරා ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමටත් එමෙන්ම එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි හිමිවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ( 22 ) පැවසීය. අගමැතිවරයා එසේ පැවසුවේපාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ අගමැතිතුමන් හමුවීමට අවස්ථාව ලද මාතලේ දිස්ත්‍රික්කයේ වෘත්තීය පත්‍ර කලාවේදීන් තමන් ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්නට සිදුවන අසීරුතා විග්‍රහ කිරීමේදී ය.
මෙම අවස්ථාවේදී කරුණු දැක්වූ මාධ්‍යවෙිදී ජාතික එකමුතුවේ ජාතික සංවිධායක සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා පෙන්වා දුන්නේ, පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න ගමගේ මහතා රිය අනතුරකට ලක්ව එක්තැන්ව සිටින අතර ඔහුට කිසිම පිළිසරණක් නොමැති බවය. මේ ආකාරයට ප්‍රාදේශීයව කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවකට පත්වන අවස්ථා ඇති බවත් ආරියදාස මහතා පෙන්වා දුන්නේය.
වෘත්තීය වශයෙන් කටයුතුකරන මාධ්‍යවේදීන් හට ගෙවීම් සිදු කිරීමද මාධ්‍ය ආයතන වෙතින් නිසි නියාමනයකට අනුව සිදු නොවන බැවින් නිසි ලෙස මුදල් ගෙවීම් ලබාගත නොහැකිව ඔවුන්ට වෘත්තීය වගකීම් ඉදිරියට ගෙන යාම අපහසු වී ඇති බවත් සෙසු මාධ්‍යවේදීන් පෙන්වා දුන්හ.
පඩිය ගැන හොයා බලනවා. රක්ෂණයක් දෙනවා.
මාධ්‍යවේදීන් දැක්වූ අදහස් සම්බන්ධව මැදිහත් වීමක් සිදුකරන බව පැවසූ අගමැතිතුමා ප්‍රාදේශීයව කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දීම කෙරෙහි අවදානය යොමුකරන බවද සඳහන් කළේය. එමෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවන අවස්ථාවේදී ඔවුන් දැනුවත් කර ප්‍රාදේශීයව කටයුතු කරන මාධ්‍යවේදීන්ට නිසි වේලාවට ගෙවීම හිමිවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවද අගමැතිතුමා කීවේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාද එක්ව සිටි අතර මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සභාපති ගැමුණු ධර්ම ශ්‍රී හේරත්, එහි ලේකම් මහේෂ් කීර්තිරත්න ඇතුළු මාධ්‍යවේදීන් 20කට වැඩි පිරිසක් සහභාගී වූහ.
