අපේ අය සුවෙන්, තානාපති කාර්යාලය නිහඬයි. රජරට රොෂාන් වූහාන් සිට

 අපේ අය සුවෙන්, තානාපති කාර්යාලය නිහඬයි. රජරට රොෂාන් වූහාන් සිට

චීනයේ වුහාන් ප්‍රදේශයේ රැඳී සිටින රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සහ ආචාර්ය උපාධි අපේක්ෂක ප්‍රගිත් රොෂාන් විරතුංග V-Chat තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ දැඩි අවදානම් කලපයේ සිටින ශ්‍රි ලාංකික සිසුන් ඉවත් කර ගැනිමට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

රොෂාන් V Chat ඔස්සේ මාධ්‍ය හා සම්බන්ධ විය.


චිනයේ වුහාන් ප්‍රදේශය කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති දැඩි අවධානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, එම කලාපය තුල විශ්ව විද්‍යාල කිහිපයකම ශ්‍රි ලාංකික සිසු සිසුවියන් අධ්‍යාපන කටයුතු වල නියැලි සිටින බවත් ඔහු පවසයි.

පවත්නා තත්ත්වය මත එරට විශ්ව විද්‍යාල බලධාරින් නේවාසිකාගාරවලින් බැහැරව නොයන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, තමන් චීනයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සමග නිතර සම්බන්ධතා පැවැත්වුවද, ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ බලධාරින් වුහාන් ප්‍රදේශයේ රැඳී සිටින ශ්‍රි ලාංකික සිසුන් ඉවත් කර ගැනිමට කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවද රොෂාන් වීරතුංග සඳහන් කරයි.
එම අවධානම් කලාපය තුල සිටින ශ්‍රි ලංකා සිසුන්ට කොරෝන වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වි ඇති බවත්, තමන් සමග සිසු සිසුවියන් 31 දෙනෙකු රැඳී සිටින බවත්,පෙන්වා දෙන ඔහුට අනුව විවිධ දුෂ්කරතා සහ අවම පහසුකම් යටතේ නේවාසිකාගාර වලට වි සිටීමට සිදුව ඇත.
තමන් ඇතුළු චීනයේ වුහාන් හී අවධානම් කලාපයේ සිටින ශ්‍රි ලාංකික සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ප්‍රගිත් රොෂාන් විරතුංග බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *