අපි හොයන්නෙ තුනෙන් දෙක – කෙහෙලිය

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගොස් ගොඩනැගූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙටි කාලයක් තුළ දැවැන්ත දේශපාලන බලවේගයක් ලෙස නැගී සිටීම පුර්වාදර්ශයට ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා එජාපයෙන් කැඩී ගොස් නව පක්ෂයක් බිහිකළත් අද එය සෝදාපාළුවට ලක්ව ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය,ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. වසර පනහක ඉතා සාර්ථක දේශපාලන ගමන් මඟකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා හා පියාණෝ සිහිකරමින් තමන්ගේ වැඩපිළිවෙළක් නොමැතිව වැඩකරන සජිත් ප්‍රේමදාස මහතා අතර පැහැදිලි වෙනසක් තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර අනිවත්තේ පැවැති මාධ්‍ය හමුවකදී රඹුක්වැල්ල මහතා මේබව ප්‍රකාශ කළේය. පක්ෂය පිහිටුවා මාස හයක් වැනි කෙටි කාලයක් තුළ පළාත් පාලන මැතිවරණයට මුහුණදී මෙරට පළාත් පාලන ආයතන 342 න් අති බහුතරයක බලය ලබා ගැනීමට පොදුජන පෙරමුණට හැකිවූ බවත් එජාපයට එහිදී ලබා ගැනීමට හැකිවූයේ ආයතන 49 ක බලය පමණක් බවත් කී ඒ මහතා දෙමළ සන්ධානයට උතුරට තරඟකර ආයතන 36 ක් ගත් බවද අවධාරණය කළේය.

පොහොට්ටුව හදලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම මේ ආකාර ජයග්‍රහණයක් ලබාගත්තා නම් ඇයි මට බැරි කියා සජිත්ද නව පක්ෂයක් බිහිකළ බවත් එදා එජාපයෙන් කැඩීගොස් රාජාලියා බිහිකළ අවස්ථාවේ පාක්ෂිකයින් තුළ වූ උද්‍යයෝගවත් මෙවර දක්නට නොමැති බවත් හෙතෙම පැවසුවේය. මෙවර මහ මැතිවරණයෙන් පසු තවත් පක්ෂ සම්බන්ධකර ගනිමින් ජාතික ආණ්ඩු පිහිටුවීමට කිසිදු අවශ්‍යතාවක් පැන නොනගින බවත් පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බලය පහසුවෙන්ම හිමිවන බවත් කී ඒ මහතා දැන් උත්සහ කරන්නේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට පමණක් බවද අවධාරණය කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *