අපිට වෙනසක් ඕන, ග්‍රාම නිලධාරීන්..

ග්‍රාම නිලධාරී සේවය සඳහා වෙනම සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සුදුසු බවට රාජ්‍යය සේවා කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
විවිධ රජයන්ට වසර 2006 සිට වෙනම සේවා ව්‍යවස්ථාවක් ලබාදෙන ලෙස ග්‍රම නිලධාරීන්ගේ වෘත්තිය සංගම් රැසක් ඉල්ලීම් කළත් එය ඉටු නොවුණු බවත් වත්මන් රජය යටතේ එය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රීලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කේ.ඒ.එස් කොඩිකාර මහතා පවසයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කළ නිර්දේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුව තිබෙන බවත් ජනපති හා අගමැති මෙරට රාජ්‍යය සේවකයින්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් පෙනී සිටින නිසා ඉදිරියේදී ග්‍රාම නිලධාරී සේවයට වෙනම සේවා ව්‍යවස්ථාවක් හිමිවනු ඇති බවත් ඒ මහතා කීය.
පසුගිය රජය වෙනම සේවා ව්‍යවස්ථාවක් ලබා දෙන බවට බොරු පොරොන්දු ලබා දෙමින් නිරන්තව ග්‍රාම නිලධාරීන් රැවටීමට උත්සහ කළ බවද හෙතෙම පැවසුවේය.