අපිට කෙණහිලිකම් කරන්නේ බැසිල්ලා – රෝහණ ලක්ෂමන් පියදාස

ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල සේවයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධාන ගතව කටයුුතු කිරීම පොදුජන පෙරමුණට තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා ගැනීමට විශාල සාධකයක් වූ නමුත් ජයග්‍රහණයෙන් පසු එකඟතා සියල්ල කඩකරමින් සන්ධානයේ සිටි පක්ෂ වලට කෙනෙහිලිකම් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කටයුතු කළේ යැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මැතිවරණයට පෙර සන්ධාන ගත වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන බවට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර,අමාත්‍ය ධූර හා ආණ්ඩුකාර ධූර පොරොන්දු ප්‍රකාරව නොදුන් බවත් ඇමැති මණ්ඩලයේ සිටියත් නැතත් මෙම ක්‍රියාවලිය මෙහෙයවනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ඒ මහතා කීය.

යෝගි ගුරු ජයකුමාර මහතා සිය පෞද්ගලික මුදලින් පවුල් පනහකට වියළි ආහාර ලබාදීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී මහචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.මහනුවර වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් මෙය සම්බන්ධීකරණය කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් කතා කළ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙසේද කීවේය.රටේ වංචාව,දූෂණය,අකාර්යක්ෂමතාව,අවනීතිය රජ කරනවා නම් අපි විවේචනාත්මකයි ඒ දෙස බැලිය යුතුයි.කැබිනට් මණ්ඩලයක් තිබෙනවා.විශේෂඥවරු වෙනම ඉන්නවා.මේ දෙගොල්ලන්ටම ඉහළින් වෙනම කණ්ඩායමක් තීන්දු ගන්නවා.මේක ප්‍රජාත්න්ත්‍රවාදයට බරපතල ගැටලුවක්.රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩගන්න කවුරුවත් විශ්ව කර්මයෝ නැහැ.බැසිල් රාජපක්ෂ මහතා  තමයි මේ ආණ්ඩුව තුළ ඉහළින් ඉඳන් තීන්දු තීරණ ගත්තේ.ඒක කවුරුත් දන්නවා.සන්ධානය තුළ අර්බුද අති කරන්න ඔහු මුල් වුණා.ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පක්ෂ ඉන්පසුව කොන් කළේ එතුමයි.ඇමැති මණ්ඩලයට ආවත් නැතත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ම පුද්ගලයා ඔහුයි.බැසිල් මහතා තෙල් මිල අඩුකරයිද කියලා අපි බලමු.ආණ්ඩුව තුළ පාරදෘෂ්‍යභාවයවත් අඩු තරමින් තියෙයි කියලා අපි හිතුවා.රජ්‍ය ආයතන වල  ප්‍රධාන තනතුරු වලට සුදුසු අය දාන්නේ කිව්වා.ඒ වෙනුවෙන් තේරීම් කරන්න විද්වත් මණ්ඩල පවා පත්කළා.ඒත් අද ප්‍රධාන තනතුරු වලට පත්කරන්නේ මුලින් ක්‍රමවේදයටද කියන ප්‍රශ්නය අපටත් තිබෙනවා.

ආණ්ඩුව පිහිටුවන්නට එකතුවී වැඩකළ පක්ෂ වල නායකයින්ට නොයෙක් ආකාරයෙන් නොසලකා හැරීම් කරන බව පේන්න තිබෙනවා.සන්ධානය තුළ සිටින පක්ෂ වලට ප්‍රශ්න ඇති කරනවා.උදය ගම්මන්පිල ඇමැතිවරයා වහා ඉවත් විය යුතු බවට පොදුජන පෙරමුණේ ලේකම්වයා ලිපියක් නිකුත් කරලා ඒක මාධ්‍යටත් දෙනවා.මේ තත්ත්වයත් සමඟ ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන අර්බුදයක් ඇති වෙලා.සියලුම ආර්ථික විශේෂඥයින් කියනවා විනිමය සංචිත තිබෙන්නේ මාස තුනකට පමණයි කියලා.මේ මොහොතේ ප්‍රධාන ප්‍රමුඛතාව තමයි කොරෝනා වසංගතය කළමනාකරණය කර ගැනීම.එහෙත් කනගාටුවට කරුණ නම් මේවන විට 70000 කට වැඩි ප්‍රමාණයක් එන්නත් නියමිත ක්‍රමවේදයෙන් තොරව ලබාදී තිබෙන බව හෙළිව තිබෙනවා.එන්නත්කරණයේදී දේශපාලන මැදිහත් වීම් පිළිබඳව කුරුණෑගල,මොරටුව,පිළියන්දල සිදුවීම් මගින් පැහිදිලි වෙනවා.කොළඹ සිට ගිහින් ගාල්ලෙන් එන්නත් ලබා ගන්නා ජන කණ්ඩායම් වාර්තා වුණා.සංචරණ සීමා තිබියදී වාහන ලක්ෂයක් අධිවේගි මාර්ගයේ ගමන් ගෙන තිබෙනවා.සල්ලි අච්චු ගහලා රටේ ආර්ථික ගොඩගත හැකිද කියන ප්‍රශ්නය අහන්න තිබෙනවා.වසංගය ආරම්භය්දීම අපි එන්නත් ආනයන කිරීමට පියවර ගත්තේ නැහැ.දෙවන රැල්ල ආරම්භ වුණාම තමයි ඇනවුම් කිරීම් කළේ.හැම තැනම දූෂණය වංචාව රජ කරන තත්ත්වයක් පේන්න තිබෙනවා.සීනි,එන්නත්,පොල්තෙල්,පී.සී.ආර් සම්බන්ධ වංචා දූෂණ මතු වුණා.රටේ වංචා දූෂණ පිළිබඳ කතා වර්ධනය වෙලා.අපි මේ ආණ්ඩුව තුළින් ඒක බලාපොරෝතතු වුණේ නැහැ.

තාමත් 60 ට වැඩි වියපත් ජනතාවට එන්නත් ලබාදීම ගැටලුවක් වෙලා.නැව ගිනිගත් අවස්ථාවේ සිදුවූ ඛේදවාචකය බලන්න.දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට අපි පත්වෙන්න උත්සහ කරනවා නම් මෙවැනි අනතුරු වලට මුහුණ දීම වලක්වා ගැනීමට සූදානම් විය යුතුයි.වෙරළ තීරයේ විශාල පරිසර හානියක් සිදු වුණා.කැස්බෑවුන් විශාල පිරිසක් මිය ගහින් වෙරළට ගොඩ ගහනවා.වාරකන් නිසා මේ මරණ සිදුව තිබෙන බවට ඇමැතිවරු ප්‍රකාශ කිරීම බුද්ධියට නිගාවක්.සාගර විද්‍යාඥයින් හා පරිසර විද්‍යාඥයින් කිව්වා මේ මරණ වලට හේතුව නැවෙන් මුහුදට එකතුවූ රසායනික ද්‍රව්‍යය වල බලපෑම කියලා.ජලජ ජීවන් විශාල සංඛ්‍යාවක් මුහුදු පත්ලේ මරණයට පත්වෙලා.ක්ෂුද්‍ර ජීවන් නොමැති පොහොර ආනයනය කරන බව තවත් ඇමැති කෙනක් කියනවා.ක්ෂුද්‍ර ජීවින් නොමැති කාබනික පොහොර තිබෙනවාද?.

ශ්‍රී ලනිපය ජනතාව තුළ ඇතිව තිබෙන ව්‍යාකූලතා නිරීක්ෂණය කරමින් සිටිනවා.අපේ පක්ෂය ඇමැතිකම් ඉල්ලලා නැහැ.ඒ ගැන සාකච්ඡාවක් කරලත් නැහැ.පාර්ලිමේන්තුවේ විශාල අත්දැකීම් සහිත සෞඛ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් ඉන්න්වා.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෞඛ්‍ය උපදේශක මහචාර්යවරයෙක් ඉන්නවා.කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා මේ කාගෙන්වත් උපදෙස් අරන් නැහැ.රට මිලිටරිකරණයකට යන බවට ජනතාව තුළ කථිතකාවක් ඇති වෙලා.වැදගත් කාර්යභාරයක් කරන සෞඛ්‍ය සේවය තුළ වෛද්‍යවරු,හෙද හා  සුළු සේවකයින් සිටින්නේ අතෘප්තියෙන්.වසංගත අවස්ථාවක මේක විශාල ගැටලුවක්.

ප්‍රතිපත්තිමය හා සංකල්පමය වශයෙන් කාබනික පොහොර භාවිතය හොඳයි.අපි ඒකට එකඟයි.මුළු ලෝකයේම රටවල් ගත්තම  100% ක් සම්පූර්ණයෙන් කාබනික වගාව කරන්න ගිහින් සාර්ථක වෙලා නැහැ.හැටේ දශකයේ සිට රසායනික පොහොර අපි භාවිත කළා.මල්,එළවළු තේ,පලතුරු ගොඩක් අද හදන්නේ දෙමුහුන් හෝ තෙමුහුන් බීජ වලින්.පොළොව වගේම පැළත් රසායනික පොහොර ඉල්ලනවා.ඉදිරියේදී බරපතල ආර්ථික අවපාතයක් ඇතිවේවි.ලෝකයේ මිලියන 50 ක් පමණ තේ බොනවා.සිලෝන් ටී නාමය අපෙන් ගැලවී ගියොත් ඒ තැන ගන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා.මහ පොළොවට කාබනික පොහොර එකවර දරා ගන්නේ නැහැ.විද්‍යාත්මක ප්‍රවේශයක ඔස්සේ සිදුවිය යුතුයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රකාශනයේ ලේඛකයකෙුගේ ලේඛණ අයිතිය නැති කිරීමේ කාරනය මතුකර තිබෙනවා.පසුගිය වතාවේත් මේක මතුකළා.මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්නය තුළින් යුක්තිය හා සාධරණය පිළිබඳ ප්‍රශ්න මතුවෙලා.මෙය අපේ රටට ජී.එස්.පී සහනය ලබා නොදෙන්න හේතුවක් වෙලා තිබෙනවා.අපි මේ ප්‍රශ්න සුළුවෙන් නොතැකිය යුතුයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *