අපයෝජනයට ලක් වූ දැරිය රුධිර වහනයෙන් මිය යයි

සම්පත් ප්‍රියනන්දන

අපයෝජනයට  ලක්  වු  තරුණියක අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන්   බලන්ගොඩ මුලික රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී  ඊයේ (07)  සවස මිය ගොස්  ඇතැයි පින්නවල පොලිසිය  පවසයි. බලන්ගොඩ පින්නවල රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචිව පාසල් වයසේ පසුවන  16 හැවිරිදි  දැරියක්  මෙලෙස මියගොස් ඇත. ඇය  අපයෝජනයට ලක්  කල  බව කියන 24 හැවිරිදි තරුණයෙකු පින්නවල පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන  ඇත.
දැනගන්නට ලැබෙන අන්දමට එම  දැරිය  සැකකාර තරුණයා  සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති අතර  ඉකුත්  (05) වැනිදා ඔහු හා නිවසින්  බැහැරව ගොස්  ඇත.

ඒ සම්බන්ධයෙන්  දැරියගේ  මව්පියන්  විසින්  පින්නවල පොලිසිය වෙත  පැමිණිල්ලක් ද කර ඇත. පසුව ඇය අපයෝජනයට ලක් වීම හේතුවෙන්  අධික ලෙස රුධිරය  වහනය වී  අසාධ්‍ය ව   බලන්ගොඩ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට  ඇතුළත්  කර තිබේ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ   (07) දා මියගොස්  ඇති දැරිය රෝහල් ගත කරන විට පැය ගණනක් කැලෑ බද ප්‍රදේශයකද පසුව තරුණයාගේ නිවසේද රඳවාගෙන සිට ඇති බව ආරංචි මාර්ග පවසයි. සිහිසුන්ව සිටි දැරිය රෝහල් ගත කර ඇත්තේ තරුණයාගේ නිවෙස වැටලූ ඇගේ මව්පියන් විසින් බවද ඒ වනතෙක් තරුණයාගේ නිවෙසේ කිසිවෙකු විසින් හෝ ඇය රෝහල් ගත කරන්නට පියවර ගෙන නොතිබූ බවද වාර්තා වේ. අද (08) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදීද ඇය අධික ලෙස රැධිර වහනය වීම නිසා මිය ගිය බව තීන්දු කර ඇති අතර ලිංගික ප්‍රදේශවලින් ගත් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇත. සිද්ධිය සමිබන්ධයෙන් පින්නවල පොලීසියේ ස්ථානාධිපති එස්. පී. අමරතුංග  මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ  පැවැත්වේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *