අනුන්ට තෙල් ගහන්න පෝලිම් පැන්න කොස්තාපල් ගුටි කයි – සල්ලිවලට කරපු වැඩක්.

වීඩියෝ නැරඹීම සඳහා ලින්ක් පහත ඇත.

යතුරුපැදි කරුවන් ගෙන් මුදල් ලබාගෙන කටුගස්තොට අලදෙණිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හළෙන් එම යතුරු පැදි වලට කිහිප වතාවක්ම ඉන්ධන ලබා ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකුට ඉන්ධන පෝලිමේ සිටි පිරිසක් පහර දී පන්නා ගෙන තිබේ.

සිද්ධිය ඊයේ (12) පස්වරුවේ සිදුව තිබෙන අතර ඒ වන විටත් අදාළ පොලිස් නිලධාරියා යතුරු පැදි පහකට ඉන්ධන ලබාගෙන තිබූ බව දැන ගන්නට ඇත.

එක් යතුරු පැදි කරුවෙකුගෙන් මුදල් ලබා ගන්නා පොලිස් නිලධාරියා නිල ඇඳුමින්ම එම පුද්ගලයාගේ යතුරු පැදියෙන් ඉන්ධන පිරවුම් හළට ගොස් ඉන්ධන ලබා ගැනීමෙන් පසු  යතුරු පැදිය ඔහුට ගෙනවිත් දෙන බවත් යළිත් විනාඩි 15 කට  පමණ පසු ඔහු තවත් අයෙකුටද එලෙසින්ම ගොස් ඉන්ධන ලබා ගන්නා බවත් ඉන්ධන අපේක්ෂාවෙන් දින ගණනක් පෝලිමේ සිට පිරිස් පවසති.¦

පෝලිමෙන් පිටත සිටින පුද්ගලයින් ගෙන් රුපියල් 5000 ක මුදලක් ලබාගෙන රුපියල් 2500 ක ඉන්ධන යතුරු පැදියට ගසා ඉතිරි මුදල් මෙම පොලිස් නිලධාරියා විසින් ලබා ගන්නා බව ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිම් සිටි ජනතාව පැවසූහ.

දිගින් දිගටම සිදුවූ මෙම ක්‍රියාව ඉවසා ගැනීමට නොහැකිවූ පිරිසක් අදාළ පහර දීම සිදු කරත්දී පොලිස් නිලධාරියා අලදෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළට රිංගා තමන්ට පහර නොදෙන ලෙස ඉල්ලා වැඳ වැටී ඇත.

ඉන්ධන පෝලිමේ සිටි පිරිස වෙතින් එල්ල වූ ප්‍රහාර හමුවේ නිල ඇඳුමද ඉරීගිය පසු පොලිස් නිලධාරියා ප්‍රදේශයේ වන ලැහැබැකට රිංගා පළාගොස් තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ ‍‍තොරතුරු මාධ්‍යයෙන් වසන් කිරීමට පොලීසිය උත්සහ කළත් ඊට  අදාළ සී.සී.ටී.වී දර්ශන ස්ථාන කිහිපයකම පටිගතව තිබී ඇත.

කොස්තාපල්  ගුටි කන දර්ශනය වීඩියෝව

කොස්තාපල් වැඳ වැටෙන හැටි වීඩියෝව

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.