අන්දකයිප්පු කැවිච්ච මංගල සමරවීර පක්ෂයත් වනසනවා – නිමල් සිරිපාල

තමන්ගේ පක්ෂයත් වනසා දමා තමනුත් වැනසෙන මංගල සමරවීර අන්දකයිප්පු කෑ අන්දමට කටයුතු කරන්නෙක් බව අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. වැලිමඩ කැප්පෙටිපොල දී මාධ්‍ය අමතා ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ පවතින රජය තරම් කිසිම රජයක් සහන දී නැති බවයි. ජන දුක හඳුනාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසංගතයෙන් විපතට පත් ජනතාවට රුපියල් 5000 බැගින් දීමට කටයුතු කළ බවත් ලෝකයේ තිසිම රටක එවැනි සහන දීමක් සිදු නොවන බවත් පැවසූ හෙතෙම සිය ගම්පළාත්වල සියයට අනූ අටකට පමණ දේශපාලන භේදයකින් තොරව සහනාධාර මුදල් ලැබී ඇති බව පැවසීය.

“විපක්ෂ නායකතුමා පාරට බහින්න වුවමනා නැහැ. ජනතාව එතුමයි විපක්ෂයයි පාරට ඇදල දාලා ඉවරයි. රටේ ජනතාව ගැන හැඟීමක් නැතිව විදේශ න්‍යාය පත්‍රවලට අනුව වැඩකරපු එක්සත් ජාතික පක්ෂය පහුගිය මැතිවරණයෙදි පාරට ඇදල දාපු එක තමයි වුණේ. එන මැතිවරණයේදී ජනතාව ඒ උදවිය කාණුවටම ඇදල දායි. ජනාධිපතිතුමා මේ සහන දෙන්නේ නීත්‍යානුකූලව ලබාගත් මුදල්වලින්. ඒවා බලාගෙන ඉන්න බැරිව කියන දේවල් වැඩක් නැහැ. ජනතාව මංගල සමරවීරල කියන දේවලට උත්තර දෙයි” යනුවෙන්ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *