අන්තර් පළාත් මගී ප්‍රවාහනයට අවසර කඩිනමින්
අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක වීම අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට ප්‍රධාන හේතුව බවත් මෙම දිස්ත්‍රික්ක දෙක අත්හැර පළාත් මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීම එතරම් ප්‍රතිඵල දායක නොවන බවත් ඒ මහතා කීය.
මහනුවර යටිනුවර ඩිපෝවට අවශ්‍ය උපකරණ තොගයක් බාරදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව පැවසුවේය.
කොළඹ හා ගම්පහ තවමත් අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම්කර තිබෙන බැවින් එම දිස්ත්‍රික්ක දෙකේ ජනතාව සෙසු දිස්ත්‍රික්කවල ජනතාව හා මුහුවීම තවත් ටික දිනකට ප්‍රමාද කළ යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබෙන බවත් එම අවධානම මේවන විට බොහෝ දුරට පහව ගොස් තිබෙන බවත් හෙතෙම අවධාණය කළේය.
අන්තර් දිස්ත්‍රික් මගී ප්‍රවාහනයේදී පනවා තිබූ කොන්දේසි දැන් බොහෝ දුරට ලිහිල්කර තිබෙන බවත් මගීන් බස් රථවල මගීන් 25 දෙනෙකු පමණක් රැගෙන යාමට හැකිලෙස පනවා තිබූ කොන්දේසිය දැන් ආසන ගණනට මගීන් රැගෙන යාහැකි පරිදි ලිහිල්කර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අන්තර් පළාත් මගී ප්‍රවාහනය සඳහා බස්රථ වලට අවසර දෙනු ලබන්නේද ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාහැකි ලෙස යැයිද හිටපු මන්ත්‍රීවරයා කීවේය.