අන්තර්ජාලය මූලික අයිතියක්; ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්.

අන්තර්ජාල භාවිතය සදහා ඇති අයිතිය භාෂණයේ සහ ප්‍රකාශනය සදහා වන මූලික මිනිස් අයිතිවාසිකමෙි කොටසක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(10)ප්‍රකාශ කළේය.ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අදහස ප්‍රකාශයට පත් කළේ ජම්මු සහ කාෂ්මීර් ප්‍රාන්තය සදහා ලබාදී තිබූ විශේෂ තත්වය, පසුගිය අගෝස්තු මාසයේදී අවලංගු කිරීමෙන් පසු , තාවකාලිකව අන්තර්ජාල වාරණයක් පැනවීමට ඉන්දීය මධ්‍යම රජය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එන් වී රාමන් ප්‍රකාශ කළේ අන්තර්ජාල පහසුකමි ලබාගැනීමට ඇති අයිතිය ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 19 ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට ඇතුළත් වන බවයි.
තමන්ගේ වගකීම මහජනතාවගේ ආරක්ෂාව සහ නිදහස අතර සමබරතාවය ආරක්ෂා කිරිම බවත්, ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිම සහ සහතික කිරීම තමන්ට පැවරී ඇති බවත් විනිසුරු රාමන් මෙහිදී ප්‍රකාශ කළේය.

තීරණ පසුපස ඇති දේශපාලන අභිලාෂයන් පිළිබද කරැණු සොයැබලීම තමන්ගේ විෂය පථයට අයත් නොවන බවද අධිකරණය මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.
ejournolist වාර්තාකරු
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට.