අන්තර්ජාලය ඔස්සේ පරිගණක විකුණන මුවාවෙන් මුදල් කොල්ල කන ජාවාරමක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ලැප්ටොප් සහ වෙනත් පරිගණක විකුණන මුවාවෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණයන් ලබාදෙමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයන්ගෙන් වංචනික ලෙස මුදල් මංකොල්ල කෑමේ නිරත පුද්ගලයන් පිරිසක් සම්බන්ධයෙන් පැමිණිලි අංක  CIB 202/303 යටතේ ජාවාරමට හසුවූ අයෙකු විසින්  අම්බලන්තොට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

අදාල ජාවාරම්කරු ලැප්ටොප් සහ වෙනත් පරිගණක කූරියර් සේවා  ක්‍රමය ඔස්සේ ලබාදීමට පොරොන්දු වෙමින් ව්‍යාජව සකස් කරන ලද බිල්පත් හා ලිපි මෙන්ම ව්‍යාජ අත්සන ද යොදා පුද්ගලයන් රවටා මේ වනවිට රුපියල් 25000 සිට ඉහළ අගයකින් යුත් මුදල් බැංකු ගිණුමකට තැන්පත්කරන ලෙස අදාළ ගැනුම්කරු වෙත දන්වා ඇති අතර මුදල් තැන්පත්කිරිමෙන් පසු  ඔහුගේ දුරකථනය ද විසන්ධි කරගන්නා බවයි ජාවාරමට හසුවූවන් කියා සිටින්නේ.

එමෙන්ම අදාල ජාවාරම්කරුවන් ගැනුම්කරුවන්ගේ හැඳුනුම්පත් පිටපත් ලබාගනිමින් පසුව එම හැඳුනුම්පත් පිටපත් තමාට අයත් එකක් ලෙස වෙනත් අයෙකු වෙත ඒත්තු ගන්වමින් විශ්වාසය  දිනාගෙන මෙම ජාවාරම දිගින් දිගටම සිදුකර තිබේ. මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පුදගලයන්ගේ හැඳුනුම්පත් පිටපත් විවිධ අය වෙත යවා තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ ආකාරයෙන් අම්බලන්තොට .රත්නපුර ,මාතලේ ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් වංචනික  ලෙස මුදල්  ලබාගෙන තිබෙන බවත් ඔවුන් එම ප්‍රදේශවල පොලිසිවලට පැමිණිලි කර තිබෙන බවත් වාර්තා වේ.

කෙසේ නමුත් කොරෝනා වසංගතය හමුවේ  අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකන මෙවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් ඔබගේ අත්සන, හැඳුනුම්පත් පිටපත් ඇතුළු කිසිවක් වෙනත් අයෙකු වෙත මුදා නොහරින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. එමෙන්ම මෙවැනි ජාවාරම් කරුවන්ට ඔබ ද ගොදුරක් වී තිබේ නම් වහාම පොලිසියට පැමිණිලි කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.