අධ්‍යක්ෂ නෝනා සර්ට ගහලා

දැදිගම පල්ලේගම කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන වරුණ බණ්ඩාරට දැදිගම කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ සුගන්ධි ශාලිකා පහර දී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.
පසුගිය සෙනසුරාදා (25) පාසලේ පැවති පිරිත් පිං කමකට සහභාගී වූ පහර කෑමට ලක් වූ ගුරුවරයා ඇඳ සිටියේ සුදු කමීසයක් සහ ඩෙනිමකි. ඩෙනිම් ඇඳ පැමිණියේ ඇයිද යන්න විමසා බැණ වදිමින් අධ්‍යක්ෂවරිය ගුරුවරයාට පහර දී තිබෙන බව වාර්තා වේ.
ලංකා ගුරු සංගමය පවසන පරිදි මෑතක අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ සුගන්ධි ශාලිකාගේ හැසිරීම ස්වභාවයෙන්ම රලු වන අතර මෙම සිද්ධියට ඇයට ඇති බිය නිසා වසං කිරීමට ගුරුවරු උත්සාහ ගෙන තිබේ. එහි ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දෙන්නේ ගුරුවරුන්ට වෘත්තීය ගරුත්වයක් ඇති නමුත් අධ්‍යක්ෂවරිිය එය කෙළෙසා ඇති බවයි. ඔහුට අනුව ළමුන්ට හෝ පහර දීමට අයිතියක් අධ්‍යක්ෂවරියට නැත. ඇය ගුරුවරයාට පහර දී ඇත්තේ පසුගිය අගෝස්තුවේ මිය ගිය විදුහල්පතිවරයා සමරා පාසල විසින් සංවිධානය කළ පින්කම අවස්ථාවේදීය.
සිදුවීම පිළිබඳ ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර ලංකා ගුරු සංගමය සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව වෙත පැමිණිලි කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
මෙම පුවතට පිළිතුරු දීමේ අයිතිය අදාල පාර්ශව සතුය.