අද 24 ඔක්කොම 295
රජය, පැවති ඇඳිරි නීතිය ලිහිල් කර තිබියදී අද උදෑසන මේ මොහොත වනවිට කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ නව ආසාදිතයන් 24 දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 295කි.
නිරෝධායනය සඳහා යොමුකළ කොළඹ 12 බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් අතරින් මේ පිරිස සොයාගෙන තිබේ. මෙම සංඛ්‍යාව ඊයේ දින සොයාගත් ආසාදිතයන් ගණනට වඩා වැඩිය. ඊයේ දින සොයාගත් ආසාදිතයෝ අතර රෝග ලක්ෂණ නොපෙන්වූ රොගීහුද සිටියහ.