අද හවසට ඉර පායයි; සජිත් මල්වතු හිමියන්ට කියයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මල්වතු මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ පක්ෂනායක කම නැද්දැයි උන්වහන්සේ ඒ මහතාගෙන් විමසූහ.මහ මැතිවරණයත් ලඟ එන නිසා පක්ෂයේ අර්බුද කඩිනමින් විසඳා ගැනීම වැදගත් බවද උන්වහන්සේ ප්‍රේමදාස මහතාට පැවසූහ.
අද හවසට සියලු ප්‍රශ්න සාධාරණ ලෙස විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බව එම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා මහනාහිමියන්ට දැනුම් දුන්නේය.සම්ප්‍රදායික විපක්ෂ ක්‍රියාකාරීත්වයෙන් බැහැරව ආණ්ඩුව සිදු කරනු ලබන යහපත් ජනතාවාදී පියවර වලට සම්පූර්ණ සහය ලබා දීම තම අරමුණ බව හෙතෙම මහනාහිමියන් හමුවේ පැවසුවේය.