අද හඳ නොපෙනුණත් 25 සිට රාමසාන්

 අද හඳ නොපෙනුණත් 25 සිට රාමසාන්

අද රාත්‍රී චන්ද්‍රයා දර්ශනය නොවුණත් අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටී.

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් චන්ද්‍රයා දර්ශනය වීම අනුව රාමසාන් මාසයේ ආරම්භය සහ අවසානය තීරණය කරන අතර ලංකාවේ ආරම්භක සහ අවසාන දින දැනුම් දීම කොළඹ මහ පල්ලිය මගින් සිදු කරනු ලැබේ.

ඉස්ලාම් කැලැන්ඩරය චන්ද්‍ර මාස ක්‍රමය මත (Lunar cycle) සකස්ව ඇත. මේ නිදා සෑම වසරකම රාමදාන් සමය දින දහයකින් පමණ වෙනස් වේ. මෙවර රාමසාන් සමය ලෙස මැදපෙරදිග තීරණය කර තිබෙන්නේ, අප්‍රේල් 23 සිට මැයි 23 දක්වා ය. ඒ අනුව අද චන්ද්‍රයා දිස් වුවහොත් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *