අද බණ්ඩාරවෙලින් කොවිඩ් රෝගීන් දෙන්නෙක්
කෝවිඩ් 19 රෝගයට ගොදුරු වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු බණ්ඩාරවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලීය බල ප්‍රදේශය තුළින් අද (15) හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
බණ්ඩාරවෙල පොලීසිය සඳහන් කරන අන්දමට බණ්ඩාරවෙල වටගමුව මැදහින්න පදිංචි වයස අවුරුදු පනහක පුද්ගලයෙකු සහ මහඋල්පත ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් පහක කාන්තාවක් කෝවිඩ් 19 ආසාධිතයන් ලෙස මෙලෙස අලුතෙන් හඳුනා ගනු ලැබ ඇත.
මෙම දෙදෙනාම දියතලාව කහගොල්ල ඇගලුම් කම්හලක සේවය කළ කෝවිඩ් ආසාදිත පුද්ගලයා නිසා ආසාධිත පුද්ගලයින්ගේ දෙවන පෙල ආශ්‍රිතයන් බවට හඳුනා ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ වනවිට කෝවිඩ් 19 වයිරසයට ගොදුරු වූ බණ්ඩාරවෙල අවට පදිංචි පුද්ගලයින් ගණන හතර දක්වා ඉහළ ගොස් තිබේ.