අද ආර්තව සෞඛ්‍ය පිළිබඳව කතා කරන දිනයයි
මෙම සබැඳියෙන් ගුවන්විදුලි වැඩසටහනට සවන් දෙන්න
‘නව යොවුන් වියට පා තබන පුංචි දූවරුන්ගේ වැදගත් අවස්ථාවක් විදිහට අපිට මෙම ඔසප් අවස්ථාව හඳුන්වා දෙන්න පුළුවන් ‘D.M.T.සඳමාලි, විදුහල්පතිතුමිය බ/ පැල්ගහතැන්න මහා විද්‍යාලය
‘අප පාසලේ ගැහැණු දරුවන්ගේ සහ ගුරුවරියන්ගේ මෙම ඔසප් කාලසීමාව තුල පාසල් පැමිණීම ඉතා ම අඩු තත්වයක පැවතුනා , නමුත් අද වන විට පාසලේ පවතින ඉහල සනීපාරක්ෂක පහසුකම් හමුවේ මොවුන් මෙම අවස්ථාවට සාර්ථකව මුහුණ දෙනවා ‘ඩබ්.ඩී.එස්.එස්.කේ.වීරසිංහ සිංහල විෂය භාර ගුරුතුමිය, බ/උඩගම බටහිර මහා විද්‍යාලය
‘පිරිමි ළමයින් කලින් හිතන් හිටියේ මේක හරි අමුතු දෙයක් කියල එත් පාසලේ පැවැත් වූ වැඩසටහන් වලින් පසුව එය ස්වභාවික ක්‍රියාවලියක් බව වටහා ගෙන දැන් අපිට ඔවුන්ගේම සහෝදරියක් ලෙස සලකා කටයුතු කරනවා ‘ෂෙහානි කෞශල්‍යා 11 ශ්‍රේණිය බ/උඩගම බටහිර මහා විද්‍යාලය
‘අපි කාන්තාවන් විදිහට මෙම ඔසප් දින කීපය පවත්වා ගෙන යාමේදී ඒ සඳහා කායිකව , මානසිකව නිරවුල් සෞඛ්‍ය තත්වයකින් යුක්තව මුහුණ දිය යුතුයි’ ඩබ්.එම්.නිරංජලා සරෝජනී සාමාජික බිබිලේගම නැගෙනහිර ජල සමිතිය
‘ඔසප් ස්වාස්තතාවය අදාල ඍණාත්මක සමාජ ආකල්ප මෙන්ම සමාජ සම්මතයන් වෙනස් කරමින් ගෝලීය ජාතික ප්‍රාදේශීය මට්ටමින් ඔසප් ස්වාස්තතවය විෂයෙහි දේශපාලන ප්‍රමුඛතාවය ඇති කල යුතුයි’ එස්.එම්.එස්.පි.සමරසිංහ ව්‍යාපෘති සහායක නියුක්ලියස් පදනම