sdr

අච්චු ගහපු සල්ලිත් නැති අහසට යන ඩොලරුත් නැති මීගමුවේ පදික වෙළෙන්දෝ

මේරියන් නිලාසිනී – මීගමුව

“අද උදේ කොල්ලෙක් ආව මුහුදු රස්සාවට ගිය. මාලු අහුවෙලා නැහැ. ඒ නිසාම ඒ කොල්ල ළ`ග සල්ලිත් නැහැ. ඒ කොල්ල මගෙන් ඇහුවා අම්මෙ ඇටවල්ලව දෙන්න පු`ඵවන්ද දරුවන්ට හොදි හදල දෙන්න, පහුවෙනිදට සල්ලි ගෙනත් දෙන්නම් කියල, ඇටවල්ල රුපියල් 400 විතර වෙනවා මේ දවස්වල. ඒ වුනත් මමත් බැහැ නොකියම ඇටවල්ලන්ව දුන්නා. උනුත් කාල ඇඳල ඉන්න ඕනනේ. වෙනදා උන් තමයි, විකුණන්න මාලු නැති වෙලාවට අපිට මාලු දෙන්නේ”.

“මේ දවස්වල වලාලේ වෙලා මාලු අඩුයි. ඒ නිසා අතේ සල්ලිත් නැහැ. බඩු මිලත් වැඩියි මම හැමදාම මාලු ගේන්න යන ත්‍රීවීල් එකට රු. 500 දීල අතේ ඉතිරිවෙන මුදලින් පල්ලියේ ඉටිපන්දම් පත්තු කරල හාල් පොල් ටිකක් කන්න ගන්නවා. දුවගේ මහත්තයා නැහැ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. උන්ටත් බැරි වෙලාවට මම තමයි බලා ගන්නේ. අපි මෙහෙම හරි කාලා ඇඳලා ඉන්නවා. දැන් හැමෝටම එහෙම කරන්න බැහැ. මේ නත්තල් කාලේ අලුත් අවුරුදු කාලේ මිනිස්සුන්ට හරියට කන්නත් නැහැ.

දැන් මිනිස්සු බඩේ හැටියට කන්නේ නැහැ. තියෙන හැටියට කලා බඩ යට කරන් නිදා ගන්නවා.”

ඇය වර්ණකුලසූරිය මරියා. අවුරුදු 66 ක් වයසැති මාතාවකි. මෙම මාතාව පෙරියමුල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට කුඩා මාලු ලෑල්ලක් අටවා ගෙන වෙළෙදාමෙහි නිරත වෙයි. අවුරුදු 21ක් තිස්සේ ඇයගේ ජීවනෝපාය මෙයයි. මීගමුව ලෙල්ලමෙන් මසුන් තොග අලෙවි කරන, වෙළෙන්දන් කිහිපදෙනෙකුගෙන් හා ධීවරයින්ගෙන් මාලු ස්වල්පයක් මිලට ගන්නා මෙම වියපත් මාතාව ඇගේම වූ ක්‍රමයකට අතේ ඇහේ මිම්මට කපා ගන්නා මාලු පාරිභෝගිකයින්ට අලෙවි කරයි.

“මම තරාදියකින් කිරල මාලු විකුණන්නේ නැහැ. ගන්න කෙනාටත් මටත් පාඩුවක් නොවන විදිහට තමයි මම විකුණන්නේ. එතකොට හෙට්ටු කරල ගන්න පු`ඵවන් ඒ අයට”. ඒ මරියා අම්මාගේ පලපුරුද්දයි.

මේ  ගෙවී ගියේ නත්තල් සමයයි. පුංචි රෝමයේ නත්තල් අසිරිය වෙන ප්‍රදේශ වලට වඩා ඉදිරියෙන් පවතින නමුත් මෙවර නත්තල වෙනදා තරම් සාරවත් නොවූ බවයි මෙම මාතාවගේ හැ`ගීම. මීගමුවෙහි විවිධ තැන්වල පදික වෙළෙදාමේ නියුතු වූවන්ගේ අදහසත් මෙය බවයි වර්ණකුලසූරිය මරියා වියපත් මාතාවගේ අදහස.

මේ වන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිඛෙනවා. සීග්‍රයෙන් අඩුවන විදේශ සංචිත හමුවේ ආනයනික ආහාර ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම පිළිබඳව බරපතල අර්බුදයක් මතු වි ඇත. කටුනායක ගුවන් තොටුපල හා කොළඹ වරාය ආශ්‍රිතව අත්‍යාවශ්‍ය ආහාර සහිත බහාලුම් ගණනාවක් මුදවා ගැනීමට නොහැකි වි ඇති බව දැනගැනීමට තිබේ. එසේ වීමට හේතුව විදේශ විනිමය සංචිත අඩු වීම නිසා ඩොලර් ගෙවා ඒවා මිලදී ගැනිමට නොහැකි වීමයි. මේ වන විට අප සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්න  වන බව පැවසෙන අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රචාරයන්ට අනුව තුනයි දශම පහකි. මේ පිළිබ`දව විපක්ෂයේ අදහස් රටෙහි සම්පත් විකුණා විදේශ විනිමය වැඩිකර ඇති බවත් ඒ හරහා මෙම ගැටඵව නොවිසදෙන බවත්ය.

සල්ලි මුද්‍රණය, රුපියල අවප්‍රමාණය සහ විදේශ සංචිත හි`ගවීම වැනි මාතෘකා, ඒ සමග සිදුවන බලපෑම් පිළිබද වන විග්‍රහයන් මාරි අම්මාට මෙන්ම මිගමුවේ බොහෝ පදික වෙළෙදුන්ට දුරස්ථය.

එසේ පදික වෙළෙදාමෙහි නියුතු 34 හැවිරිදි එක්දරු මවක් වන තුෂාරී තම කුඩා දරුවාද සමග පෙරියම්මුල්ල හැමිල්ටන් ඇල අසල කුඩයක් සහිත ආවරණයක් තුළ මුහුණු ආවරණ එල්ලාගෙන, පාර අසලින් කුඩා මුට්ටි අසුරගෙන තැඹිලි, පොල්, බුලත්විට වෙළෙදාමෙහි නියුතු මවටද සහය දක්වමින් තම වෙළෙදාම කරගෙන යයි. එසේ වෙළෙදාම් කරන ඇය මෙසේ ප්‍රකාශ කරයි.

“කොරෝනා වැඩිවුන කාලේ නම් මේවා වහල තමයි තිබුනේ. බිස්නස් මුකුත්ම තිබුනේ නැහැ. දැන් තමයි මෙවා ටිකක් වෙළෙදාම කෙරෙන්නේ. මගේ දරුවටත් දැන් අවුරුදු 8 යි. තියෙන වියදම් එක්ක පුතාගේ අධ්‍යාපන වැඩකටයුතුවලටත් වියදම් යනවා. අපිව නිකන් කබලෙන් ලිපට වැටුනා වගෙයි. ආර්ථිකය නම් අන්තිම අමාරුයි. රජයෙන් වියළි ආහාර සලාකයක්වත් දෙනවා නම් හොද මේ වෙලාවෙ”. ඒ ඇගේ අහිංසක ඉල්ලීමයි. සල්ලි අච්චු ගසා දීමෙන් බඩු මිළ වැඩිවනවා මිසක සහනයක් නොලැබෙන බව ඇය පවසයි.

අපට හමුවන අවස්ථාවේ තුෂාරි, කිරි උතුරුවන කුඩා මුට්ටි විකිණීමට තබාගෙන සිටියේ එළඹෙන නව වසර තම සහෝදර ජනතාවට සුබ වසරක් වේවායි යන ප්‍රාර්ථනයත් සමගය. එහෙත් ඇයගේ සිතුවිල්ලට අනූව සුබ කටයුතු වෙනුවෙන් තම පාරිභෝගිකයින්ගේ පසුම්බිවල දැන් ඉඩක් පවතීදැයි සැකසහිතය. ජීවන වියදම එතරම්ම වැඩි බව ඇය දන්නීය. කෙසේ වෙතත් පොදු ජනතාවගේ සුබ සිද්ධිය පතන තුෂාරිට එළෙඹෙන වසර සුබ වන්නේ, ඇය සතුව තිබූ, කිරි ඉතිරවීමට ගන්නා මුට්ටි සියල්ලම විකිණී ගියේ නම් පමණය. එහෙත් මෙම මුට්ටි කීයක් විකිණේදැයි යන්න ඇය ඒ වනවිට නොදැන සිටියාය.

අපි මෙම ගමනේ තවත් ඉදිරියට ඇදෙද්දී තම ජීවන අරගලය ගෙන යන තවත් දිරිය කාන්තාවක් අපට මුණ ගැසුණි. ඇය නමින් නියෝමි. 42 හැවිරිදි දෙදරු මවක්. බොස්කෝ හන්දියේ පාර අද්දර කුඩා ලොතරැයි කුටියක් පවත්වාගෙන යයි. ඇගේ සැමියාගේ ජීවන වෘත්තියත් ලොතරැයි අලෙවියයි.

රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක දායකත්වයක් දක්වන ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් එය ලබාදෙන්නේ ලොතරැයි විකිණීම හරහායි. එසේ ආදායමක් ලැඛෙන්නේ ජනතාව ලොතරැයි මිලදී ගත්තොත් පමණයි.

“වාසනාව සොයා ලොතරැයි මිලදී ගන්න බොහෝ දෙනෙක් දැන් ලොතරැයි මිලදී ගැනීමත් අඩුකරල”. නියෝමි තමන්ගේ කථාව පටන් ගත්තාය. ඒ අතරම මාලු වෙළෙදාමෙට යන මාලු වෙළෙන්දෙක් ලොතරැයි මිලදී ගැනීමට පැමිණ ලොතරැයි තුනක් මිලදී ගත්තේය. නියෝමි නැවතත් කතාවට පිවිසියේ මෙම මාලු වෙළෙන්දා ගැන විස්තර කරමිනි.

“මේ මනුස්සයා හැමදාම මගෙන් ලොතරැයි ගන්නවා. ඉස්සර නම් ලොතරැයි දහයක්ම ගන්නවා ඒත් දැන් ගන්නේ තුනයි. ලොතරැයි ගන්න දැන් මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. අපි දන්නවානේ දැන් අපි කන බොන විදිහ.”

“ඉස්සර කාපු කෑම දැන් නෑ. පෙති මාලු කාපු අපි දැන් කන්නේ සූඩයෝ සාලයෝ. ඉස්සර මම දවසකට ස්විප් විකුණලා රුපියල් 650ක් හොයනවා. එත් දැන් හොයන්නේ 350යි. මටයි මගේ මහත්තයාටයි දැන් ලැඛෙන ආදායම රුපියල් හත්සීයයි. “

“මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව දැන් බැදලා වෙනම ඉන්නේ, පුතා මහණ වෙලයි ඉන්නේ ඒ අයත් ගෙදර හිටියනම් අපි ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. මේ මහ ඛේදවාචකයක්. ලොකු ලොකු කට්ටිය විනෝද වෙන්න පිටරට යනවා, දුප්පත් අහිංසකයින්ට කන්න බොන්නවත් නැහැ. මහ පාරෙ තමයි ඉන්න වෙන්නේ. මම වෙනදා උදේ පහයි තිහට තට්ටුව ඇරියම නවයයි තිහ වෙද්දි වහලා යනවා. දැන් මට ඒ වෙලාවට වහල යන්න බැහැ. ටිකට් විකිණෙන්නේ නැහැ”. නියෝමි පවතින ආර්ථික අර්බදය හමුවෙහි තම ජීවන අරගලය ගෙන යන්නාවූ ආකාරය මෙසේ විස්තර කළාය.

අපේ ගමනේ කෙළවර අපි ඇවිදින්න ගියහම අපිට ඉස්සරහයින් මහ මුහුද පේන්න තියෙනවා. ගිනිගහන අව්ව. වැල්ල හරිම රස්නෙයි. ඒ උණුසුම මැද්දෙත් වැල්ලේ කිහිපදෙනෙක් තමන්ගේ ජීවිත ගැටගහගන්න ද`ගලනවා. ඒ අතර අපට මුණගැසෙන්නේ මොහොමඩ් ෆාරිස්. මොහු පෝරුතොට පදිංචිකරුවෙකි. මාස 6ක් මුහුදු රස්සාව කරනවා. ඉතිරි මාස 6 විදේශ සංචාරකයින්ට විසිතුරු බඩු විකුණනවා. වෙළෙදාම් කරනවා.

ෆාරිස් අපිට මෙහෙම කියනවා. මම දැන්නම් මුහුදු යනවත් අඩුයි. මොකද ඉස්සෝ අල්ලන බෝට්ටු දැන් වැඩි වෙලා. උන් මුහුදට බැස්සම ලොකු දැල් දාල මුහුද හූරලම ගන්නවා. තෙප්පම්වල යන මිනිස්සුන්ට ඉතිරිවෙන දෙයක් නැහැ.

කොරෝනා වලට රට වහපු කාලේ නම් ගොඩරස්සාව කොහොමත්ම තිබුනේ නැහැ. දැන්නම් ටික ටික සුද්දෝ එනවා. ඒත් සුද්දෝ දැන් මීගමුවට එන්නේ එයාර්පෝට් දුවන්න බලාගෙන. මීගමුවේ තිඛෙන විවිධත්වය පිළිබදව දැන් සංචාරකයින්ව දැනුවත් කරන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් අන්තිමටම මීගමුවට එන නිසා එන සුද්දෝ ල`ග ඩොලරුත් නැහැ. ඒ නිසා දැන් ඉස්සර වගේ වෙළෙදාමක් වෙන්නේ නැහැ. ආදායමකුත් නැහැ.

 ෆාරිස් වගේම ඔහුගේ ඥාති සහෝදරයෙකුත් මේ වැල්ලේ ජීවන අරගලයට උරදීලයි ඉන්නේ. මාලු වඩේ ටිකක් ඉස්සෝ වඩේ ටිකක් හදාගෙන සංචාරකයින්ට සහ මුහුදු වෙරළට එන දේශීය රසවතුන්ට විකුණන එක තමයි ඔහුගේ රස්සාව. හැබැයි අද වැල්ල හිස්, වෙරළ පාලුයි. කවුරුත් නැහැ. එතකොට ඒ අයටත් ආදායමක් නැහැ. වඩේ බදින්න ගන්න කඩල ටික පරිප්පු ටිකේ මිල වැඩි වෙලා. පොල්තෙල් පාම් තෙල් මිල වැඩි වෙලා. ඉස්සෝ මාලු මිල කොහොමත් වැඩි වෙලා. මිරිස් කුඩු ටික පවා වැඩි වෙලා. ලුණු ඇටය පවා මිල වැඩි වෙලා. ඒ නිසා එක්කො ඔවුන්ට වඩේ මිල වැඩි කරන්න වෙනවා නැත්නම් වඩේ පොඩි කරන්න වෙනවා. එහෙම වුනොත් මිනිස්සු ඒවා ගන්නෙ නැහැ. හැමතැනම ප්‍රශ්න. පේන තෙක්මානයක විස`දුමක් නැහැ.

මේ මීගමුවෙන් ඇහෙන කතා මීගමුවට පමණක් අනන්‍ය කතා නෙවෙයි. මු`ඵ රටේම තිඛෙන ව්‍යසනය මෙයයි. වෙන පලාතකට ගියත් මේ වගේ කතා ඔබට අහන්න ලැඛෙයි. මිනිස්සු කියන්නේ මේ කිසිවකට විසදුම් මිනිස්සු ළ`ග නැති බවයි. විසදුම් හොයල දෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්කරපු ආණ්ඩු බවයි. හැබැයි, මිනිස්සුන්ට වගකිමක් තියෙනවා තමන් පත්කර ගන්නෙ කවුරුන්ද කියල තීරණය කරන්න. ඒ වගේම තව වගකීමක් පිළිබ`දව අපිට මතක් කලා ෆාරිස්.

ෆාරිස් කිව්වෙ හැමදේකටම කලින් අපි සමගි වෙලා ජාතිවාද අමතක කරලා ජාතියක් හැටියට අපි එකතු වෙලා ප්‍රශ්නවලට විසදුම් හොයන පුරවැසි සමාජයක් හදාගන්න ඕන කියන එකයි.

ඒ හීනය සැබෑ වෙන්නෙ කවදද කියල අපි දන්නේ නැතත් මේ වෙලාවෙ අපි හැමෝටම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අන්තිම අමාරුවෙන් බව අපි හැමෝම දන්නවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *