අගමැති සුරතින් ඇටම්පිටිය ජලයෝජනා ක්‍රමය ජනතා අයිතියට. අගමැති බෙදාගන්නට පොරයක්.

 අගමැති සුරතින් ඇටම්පිටිය    ජලයෝජනා ක්‍රමය ජනතා අයිතියට. අගමැති බෙදාගන්නට පොරයක්.

හාලිඇල, ඇටම්පිටිය හා අවට ප්‍රදේශ ගණනාවක ජනයාගේ ජල අවශ්‍යතා සපුරාලමින් ඇටම්පිටිය ජලයෝජනා ක්‍රමය අද (17) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි. උමාඔයේ හාඟිලි ඇල්ල පෝෂණය කරන මිරහල්ගම ඔය ජල දහරාවන් හරස් කරමින් ඉදිකළ මෙම ජල ව්‍යාපෘතියට රුපියල් කෝටි 22ක් වැයකර ඇත. ඉන් ඇටම්පිටිය අවට සහ බණ්ඩාරවෙල මල්වත්ත දක්වා පවුල් දහස් ගණනක ජනයා ප්‍රතිලාභ ලබති.

ඒ අතර මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ පැමිණීමේ කීර්තිය තමන් සතු කරගැනීමට හාලිඇල ප්‍රදේශයේ දේශපාලනඥයෙකු කැසකවන බවද වාර්තා වේ. යහපාලන රජයේ තනතුරු දරා පසුව තමන්ද පොහොට්ටුවේ බව පැවසූ එම දේශපාලනඥයා අද තමන්ගේ නොවන දේශපාලන සහායකයින්ටද අව්වෙන් බේරීමට යැයි පවසමින් තොප්පි බෙදා ඇති බව දැනගන්නට ලැබේ.

අද පැවති, ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවය නිමිත්තෙන් හාලිඇල පොදුජන පෙරමුණ සංවිධායක සහ ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක සහ අගමැති පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාරගේ ඡායාරූප සහිතව මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ඡායාරූපය ඇතුළත්ව නිර්මාණය කර තිබූ කටවුට්ද කිසිවෙකුගේ වුවමනාව මත කපා ඉවත් කර තිබුණි. එම සිදුවීමටද මහින්ද කීර්තිය තමන්ට අයිති කරගැනීමට මාන බලන දේශපාලනඥයා සම්බන්ධ බව සෙසු පාර්ශවවල අදහසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *